Panama Pepers සිදුවීම දැන් තරමක් පරන එකක් උවත් තාමත් ඒ ගැන හරි හැටි දැනුමක් නොමැති ලාංකිකයන් විශාල ප්‍රමානයක් සිටී. මෙය 2016 වර්ශයේ ලෝකයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවීමක් වුන අතර ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන රටවල ඇතැම් චුදිතයන්ට සිරගත වීමට පවා සිදුවිය . පැනමා පේපර්ස් තියා තමන්ගේ රටේ මහබැංකු කොල්ලය ගැන වත් හරි හැටි නොදන්න ජනතාවක් සිටින රටකට පැනමා පේපර්ස් ගැන කීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යනු ඇත. නමුත් පසුගිය කාලයේ ලංකාවේ මතබේදයට තුඩු දුන් ඇවන්ගාඩ් සමාගමද තවත් ලාංකිකයන්ගේ සහ සමාගම් ගනනාවක් මේ සිදුවිම සමග ගෑවි ඇති නිසා මෙය අපට ඉතා වැදගත් සිදුවිමකි. මේ නම් ලැයිස්තුව 2016 මැයි මාසයේදි Colombo telegraph වෙබ් අඩවිය මගින් හෙලි කරන ලදී මේ පිලිබද පුර්න විස්තරයක් ජාත්‍යන්තර විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යන Offshore leaks Database නම් වෙබ් අඩවියේ සටහන් කර ඇත 2016 වර්ශයේ මාර්තු මාසයේ දී,ලොව හතරවන විශාලතම අක්වෙරල නීතිඥ සමාගම වන Mossack Fonseca සමාගම සතු ලෝකයේ විිවිධ පුද්ගලයින්ට සහ සමාගමි වලට අයත් බදු ලිපිගොනු මිලියන 11.5 කට අදාල අති විශාල ...