Skip to main content

පැනමා පේපර්ස් ( Panam Papers) ගැන අප දැන සිටිය යුතුය

Panama Pepers සිදුවීම දැන් තරමක් පරන එකක් උවත් තාමත් ඒ ගැන හරි හැටි දැනුමක් නොමැති ලාංකිකයන් විශාල ප්‍රමානයක් සිටී. මෙය 2016 වර්ශයේ ලෝකයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවීමක් වුන අතර ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන රටවල ඇතැම් චුදිතයන්ට සිරගත වීමට පවා සිදුවිය .

පැනමා පේපර්ස් තියා තමන්ගේ රටේ මහබැංකු කොල්ලය ගැන වත් හරි හැටි නොදන්න ජනතාවක් සිටින රටකට පැනමා පේපර්ස් ගැන කීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යනු ඇත. නමුත් පසුගිය කාලයේ ලංකාවේ මතබේදයට තුඩු දුන් ඇවන්ගාඩ් සමාගමද තවත් ලාංකිකයන්ගේ  සහ සමාගම් ගනනාවක් මේ සිදුවිම සමග ගෑවි ඇති නිසා  මෙය අපට ඉතා වැදගත් සිදුවිමකි. මේ නම් ලැයිස්තුව 2016 මැයි මාසයේදි Colombo telegraph වෙබ් අඩවිය මගින් හෙලි කරන ලදී මේ පිලිබද පුර්න විස්තරයක් ජාත්‍යන්තර විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යන Offshore leaks Database  නම් වෙබ් අඩවියේ සටහන් කර ඇත

2016 වර්ශයේ මාර්තු මාසයේ දී,ලොව හතරවන විශාලතම අක්වෙරල නීතිඥ සමාගම වන Mossack Fonseca සමාගම සතු ලෝකයේ විිවිධ පුද්ගලයින්ට සහ සමාගමි වලට අයත් බදු ලිපිගොනු මිලියන 11.5 කට අදාල අති විශාල රහසිගත දත්ත ප්‍රමාණයකි නිර්නාමික කන්ඩායමක් විසින් ලෝකයට විවෘත කර දී තිබුනා ඒ  පිලිබද විස්තරය  ජර්මානු පුවත්පතක් වන Süddeutsche Zeitung පුවත්පත විසින් පලමු වරට හෙලිකරනු ලැබුවායින් පසුව එය ජාත්‍යන්තර විමර්ශණාත්මක මාධ්‍යවෙිදීන්ගේ  සංගමය විසින් කල පුලුල් විශ්ලේශනයකින් පසු BBC සහ The Guardian වැනි ලෝක ප්‍රකට මාධ්‍ය හරහා අදාල ප්‍රවෘත්තිය විකාශණය කරවීමත් සමග මෙම සිදුවීම පිලිබද විස්තරය ලොව පුරා පැතිර ගියේය .

ඒ තුල අදාල සමාගමි වල කොටස් හිමියන් අධ්‍යශවරුන් පිලිබද විස්තරත්. ඔවුන් මහජනයාගෙන් සහ රාජ්‍යන්ගෙන් සගවාගෙන උපයා ඇති සමස්ථ ධනස්කන්ධය සහ රාජ්‍යන්ට ගෙවීමකින් තොරව සැගවු බදු පිලිබද සමිපුර්ණ විස්තරයක් අනාවරණය විය .

මේ දත්ත පිටවීම ආරමිභ වි ඇත්තේ 2016 අප්‍රේල් මාසයටත් වසරකට පමන පෙර සිටයි Süddeutsche Zeitung පුවත්පත විසින් Jhon Doe යන අන්වර්ථනාමකින් සදහන් වන පුද්ගලයෙක් හෝ කන්ඩායමක් විසින් එවන ලද ටෙරාබයිට් 2.6 ප්‍රමාණයකින් යුුතු මොසැයික් ෆොන්සේකා සමාගම විසින් සකස්කරන ලද  සමාගමි 214288 කට අයත් 1970 සිට 2005 දක්වා වු ලිපිගොනු මිලියන 11.5 ක් පිලිබද පුවත  පුවත්පතෙහි පලකරන ලදී .

මෙම ලිිපි පුවත්පතට වාර්ථා කරන ලද Bastian Obermayer, විසින් අදාල නිර්නාමික පිරිස සමග සාකච්ඡා කර තිබු අතර ඔවුන් නිරන්තරම හමුවී තිබුනේ (Encrypted) සංකේතනය කරන ලද සංවාද (chat) මාර්ග හරහායි.2015 වසරේ මෙම දත්ත නිකුත් වීමත් සමග ලොවපුරා රටවල් 107 ක මාධ්‍ය ආයතන 80 කට අයත් මාධ්‍ය වේදීන් 400 දෙනෙකු ආදාල දත්ත විශ්ලේශණය ආරමිභ කරන ලදී . මේ තුල ඊමේල් පනිවුඩ මිලියන 3
ක් PDF ගොනු මිලියන 2.2 ක් Text ගොනු 320000ක් සහ ජායාරෑප මිලියන 2.2 තිබී ඇත මේ සියලු විශ්ලේශණයන්ගේ පසුව 2016 අප්‍රේල් මස මේ පිලිබද ප්‍රථම ප්‍රවෘත්තිය ඔවුන් ලෝකයට අනාවරණය කලේය.



* Jone doe/Jane joe අන්වර්ත පුද්ගලයකු හැදින්විමට භාවිත කරන කෙටි නමකි


Popular posts from this blog

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ.  Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය.  කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ...