මයේ අම්මේ යමු යංඩ නොහොත් නාගොල්ලාගොඩ කවියාගේ ආත්මය - Poems From Dramasiri Benadic
මා කෙටි කතා නවකතා සහා ශාස්ත්‍රිය ග්රන්ථ කියැවීමට හුරුවී සිටිය අතර කිනම් හෝ ස්ථානයකදී මට කවිය අත්හැරී තිබුනි .ඇතැමි විට මම බොහෝ ආශ කරන ලද්දේ නවකතා ඔස්සේ දීර්ඝ මනෝ සංචාරයන් හී යෙදීමට හෝ ජීවින අත්දෑකිමක් අන් මිනිසෙකුගේ කෝණයෙන් කියන කෙටි කතාවන් කියවීමටය. ඒ හැරුණ කොට සමාජ විද්‍යාව සහ දේශපාලනයට සම්බන්ධ ශාස්ත්‍රීය ග්රන්ථ වලටද ඇලුම් කල නමුදු කවිය මා වෙත සමීප වීමට ප්‍රමාද වුයේ ඇයි දැයි නොදනිමි .බොහෝ අවස්ථාවල අන්තර්ජාලය සහ මුහුණු පොත භාවිතයේදී මට දක්නට ලැබුන කවි නිර්මාණ හුදෙක් මා විසින් මුසික රෝදය කරකවා මගහැර ගිය අවස්තා අපමනය. නමුත් එක් කලෙක මගේ සිතේ සටහන් වු කවි (ප්‍රබේධයක්) ගැන සිතේ සටහනක් ඉතුරුව තිබුනි.
ඒ අන් කිසිවක් නොව ජීවිතය හා පීඩිත බව ගැන කවි නේද යැයි මට සිතුනි .මේ පිලිබද සිතේ රැදුන මතක කිහිපයකි. එක් අවස්තාවක මා කියවපු කවියක් නමි බුන්දි වෙලෙන්දෙක් සමග පැන නංගී ගැන අයියා කියන කතාවයි (මට එහි පද මතක නැත). අනික නම් 9 වසර සිංහල පොතේ මා කියවු නන්දන වීරසිංහ කවියාගේ ''දුම්මල ගලට ගිය අම්මා" කවි පන්තියයි .එය මා ඉතා සසල කල කවි පෙලකි .අනික නම් මා ඉතා ගරුකරන මා හදවත පතුලටම කා වැදුන චන්ද්‍ර කුමාර වික්‍රමරත්න නම් වු විප්ලවවාදි සිතුම් වියන්නාගේ "අම්මා සහ යාපනය කවි පන්තියයි''.
මෑත යුගයේදී සිංහල ජාතිවාදය විසින් JDS හෙවත් ශ්‍රීලංකාවේ ප්රජාතන්ත්රවාදය උදෙසා මාධ්‍යවේදීයෝ නම් ගැරහුම් ලත් සංවිධානයේ නිල සිංහල වෙබ් අඩවියේ අවකාශ තීරුවේ තිබු බොහෝ කවි නිර්මාන මගේ සිත්ගත්තේය. එහි වු අජිත් සී හේරත් විසින් රචිත පෙරලු නැවුම් පස කවිය මා ඉතා කම්පනයකට ලක්කලේය.
ඉන් පසු මා දිගින් දිගටම ඒ වේදනාත්මක ස්වරයම පසුපස යන්න පටන් ගත් විට මට නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික් හමුවිය.ඊට පෙර කිසි දිනෙක මම ඔහු ගැන දැන නොතිබුන නමුත් මා සෙවු චන්දරේගේ ඡායාවක් ඔහු මත වැටි තිබෙන බව මම ඉවෙන් මෙන් තේරුම් ගත්තෙමි.
ධර්මසිරි බෙනඩික් කම්කරුවෙකි,බොහිමියානු ජීවිතයක් ගත කරන්නෙකි ,හාඩ්වෙයාර් එකක අත් උදවු කරුවෙකි, කලෙක යුක්තිය උදෙසා හඩනැගුවන් අතර වදකාගාර බන්ධනයන්ට ලක්වුවෙකි මා සොයාගත් කරුනු අනුව බෙනා යනු ජීවීත අඝාදයේ පතුල ඇල්ලු මිනිසෙකි .ඔහුම කියන ආකාරයට කවි ලෝකයේ හිගන්නා ඔහුය. ඔහු සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ඉිදිරිපත්කරන්නෙ හිතවතුන්ගෙන් රැස්කරගත් අරමුදල් වලිනි .
අපි පතන සතුටු පවුලක් කිසිදා නොදුටු බඩගින්න සහ අනෙකාගේ වේදනාව ඉගෙනගත් මිනිසෙකි .මා දන්නා චන්ද්‍රකුමාර වික්‍රමරත්නගේ පංතියේම මිනිසෙකි. '' මයේ අම්මේ යමු යංඩ'' කවි පොත මිලට ගන්නේ අඩුම තරමේ පිටුවක් හෝ පෙරලා බැලිය නොහැකි අන්තර්ජාල වෙබ් අඩවියක් හරහාය . හොද නිර්මානයක සුවද මට ඉබේ දැනේන්නාක් මෙන් මා මීට පෙරද අන්තර්ජාලය ඔස්සේ මිලට ගත් සෑම පොතක්ම පාහේ මගේ සිත්ගත්තේය.
නාගොල්ලාගොඩ ධර්මසිරි බෙනඩික්ගේ මයෙ අම්මේ යමු යන්ඩ කවි පොත සිතු ලෙසම මා කැමතිම ආකාරයේ මගේ සිතුවිලි වල විප්ලවවාදී බවත් මානව දයාවත් කලම්බනය කල හැකි ආකාරයේත් නිර්මාන ගනනාවකින්ම සමන්විත විය.මේ අතර "කුලියාපිටිය අදාහානාගාරයේදී,ඔයා දැන් කුණුවෙලා ඇති,මං නන්දිකඩාල් කලපුවෙන් ඇටකෝටුවක් ඇහදින්දා,මහ අමුතු කවියක්,අම්මේ දැන් නිදාගත්ත ඇති" වැනි මගේ සිත තදින් පැහැරගත් නිර්මාණ රාශියකි.නාගොල්ලාගොඩ කවියා ඉදිරිපත් කර තිබෙන මේ සෑම කවක්ම පිඩිතබවේ ප්රතිමුර්තියක් වැන්න.