Skip to main content

නාශකවාදය හෙවත් Vandalism යනු කුමක්ද ?

නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් වැනි තරමක් බරසාර වචන නැතත්  නිකරුනේ විනාසකරනවා එහෙමත් නැත්නම් කාබාසිනියාකරනවා වැනි වචන ලාංකිය අපිට අමුතු වචන පමනක් නොව අමතු අත්දැකීම්ද නොවන බව සත්‍යක් .ලංකාවේ සියලු ස්ථරයන්ගේ පහල සිට ඉහලම මට්ටම දක්වාම මේ විනාශකිරීම කියන කාරනය සිද්ධවෙනවා. නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් (Vandalism) කියන තැනට යාමට පෙරාතුව අප විනාශකරනවා කියන අර්ථය තරමක් පැහැදිලිකරගත යුතුයි. 

අපි මෙවන් සරල උදාහරණයකින් උදාහරණයකින් ප්‍රවේශයක් ගනිමු. සමහර අවස්ථාවල අපි නිවසේ එදිනෙදා එකතුවන ආහාර අපදුව්‍ය සහ කොලරොඩු වැනි ප්‍රයෝජ්‍යතාවකින් තොර වස්තුන් විනාශනට පත්කරන අවස්තා එමට ඇත. එවන් දෑ විනාශයට පත්කිරීම පිටුපස තවත් ප්‍රයෝජ්‍යතාවක් තිබේ. එනම් ඉන් නිවස ප්‍රියමනාප තැනක් බවට පත්වේ. එමෙන්ම නිවසතුල ඇති පරණ ක්‍රියාවිරහිත යන්ත්‍ර සුත්‍ර විදුලි උපකරන වැනි දෑ ද ඉන් අපට ප්‍රයෝජ්‍යතාවයක් නොමැතිනම් අකමැත්තෙන් හෝ නිවසේ ඉඩපහසු සකසා ගැනීමේ උවමනාව මත විනාශයට පත්කරන අවස්තා ඇත .

බොහෝවිට අපි ඒවා කඩාබිද වලදමයි නැතිනම් පුලුස්සා දමා විනාශයට පත්කරයි. එවන් සෑම අවස්තාවක් පසුපසම ඇත්තේ තවත් ප්‍රයෝජනයක් ලබාගැනීමේ අරමුනකි. එය එවන් සාධාරණ අරමුනකින් උවද අපි අන්සතු දේ අවසරයකින් තොරව විනාශ කිරීමට පෙලඹුනහොත් බොහෝදුරට එය Vandalism නැතහොත් නාශනය කිරීමක් ලෙස දැක්විය හැකිය. පසුගිය සමය තුල නාශකවාදය ඉතා ඉහලින් ලංකාවේ ක්‍රියාත්මකවිය .පල්ලි සහ බුදුපිලිම කැඩීම බිත්තරගැසීම රක්ශිතවලට ගිනි තැබීම සහ අන්ජාතීන්ගේ දේපල විනාශකිරීමද මෙයට අයත්වන අතරය කිසිදු බේධයිකින් තොරව මේ නාශකවාදය සෑම සමාජයක් තුලම ක්‍රියාත්මක වේ .

Wikipedia සටහන් වලට අනුව නාශකවාදය හෙවත් (Vandalism) නැත්තම් කාබාසිනියාකරණය යන්නෙහි අර්ථය රජය සතු හෝ අන්‍යපුද්ගලයන් සතු පෞද්ගලික වස්තුන් වලට අනවසරයෙන් හෝ රහසිගතව හානිපැමිණවීමය. ලංකාවේ බොහෝ අවස්තාවලදී අපට මෙයට අත්දෑකීමි තිබේ .පාසල් වැසිකිලි බිත්ති වල කුනුහරුප ලිවීම සිට නිවෙස්වල මල්පොච්චි පොලවෙ ගසා යාම සහ රාජ්‍ය දේපල ගිනි තැබීම දක්වා අපරාධ නාශකවාදයට අයත්වන අතරම එය නීතියෙන් අපරාධයකි. මෙහිීදී සැලකිය යුතු විශේෂම කාරණය වන්නේ එසේ විනාශකිරීමට බලපාන මනෝවිද්‍යාත්මක පැතිකඩ සහ නාශකවාදයේ භායානකම ඉදිරි ස්වරෑපය වන සයිබර් නාශකවාදයයි. අන්තර්ජාලය හා විද්‍යුත් මාධ්‍ය ජනප්‍රියවීමත් සමගම භෞතික ද්‍රව්‍ය විනාශ කිරීමේ නාශකවාදය පරිගණක දත්ත දක්වාද පුද්ගල චරිත දක්වාද පුලුල් වී තිබේ.

බොහෝවිට පුද්ගලයන් නාශකවාදයට පෙලබෙන්නෙ මනෝවිද්‍යාත්මක සාධකයන් මතයි. එනම් වෛරය ඊර්ශ්‍යාව හෝ යමිකිසි වින්දයක් ලැබීමේ අරමුන මතයි .බීමත් මිනිසුන් නිවෙස්වල ඇති සහ අන්‍යන්ගේ දේපල විනාශකිරීමට පෙලබෙන්නෙ බීමත්බව තුලින් මතුවන අසමබරතාව සහ එම පුද්ගලයින්ගේ මනස තුල ක්‍රියාත්මකවන තරහ හෝ ඊර්ශ්‍යාව වැනි මනෝභාවයන් මතයි. එයට අමතරව පුද්ගල මතවාදයන් උඩද නාශකවාදය ක්‍රියාත්මකවේ.විශේෂයෙන් නවයොවුන්වියේ පිරිමි දරුවන් අතර ඔවුන් පසුකරන හෝමෝන විපර්යාස සමය තුල ඇතිවන මානසික පෙරලියන් මත ඉතා බහුල වශයෙන් මේ නාශකවාදී තත්වයන්ට පෙලඹීම දැකිය හැකිය. පාසල් තුල ඉතා සුලබ ලෙස දැකිය හැකි දේපල විනාශකිරීමට මේ තත්වය බලපායි. දේශපාලනික නාශකවාදය ලංකාවේ ඉතා සුලබ ලෙස දැකිය හැකිය .ප්‍රතිවාදීයාගේ පෝස්ටර් කටවුටි විනාශකිරීම ,ගිනිතැබීම, නිවාස කුඩුකිරීම වැනි දෑ දේවේශසහගත නාශකවාදයටද ඇතුලත් කල හැකිය.

පසුගිය 88-89 කාලය පුරා ජවිපේ සහ ආන්ඩුව අතර ඇතිවු ගැටුමේදී අරගලකරුවන් සිය මතය හා විරෝධය දැක්වීමට භාවිත කලේ Ideology Vandalism හෙවත් මතවාදි නාශකවාදය යන ස්වරෑපයයි .මෙහිදී ආන්ඩුවේ දේපල මත ඔවුන්ගේ සටන්පාඨ සහ විරෝධතා දැක්වුන අතර දේපල විනාශයෙන් අන්ඩුවට බලපෑම් එල්ලකරන ලදී. නාශකවාදයේ තවත් ස්වරූපයක් වන්නේ Vindictive vandalism හෙවත් පලිගැනීමේ චේතනාවෙන් කරන විනාශකාරී තත්වයන්ය. පවුල් ආරවුල් මත ගෙවල් ගිනිතැබීම් මල්පෝච්චි කුඩුකිරීම බිත්තිමත අසභ්‍ය වදන් ලියා යාම වැනි දේ අයත් වන්නේ මේ ගනයටයි..

ජාතිවාදය සහ නාශකවාදය එකිනෙකට සහෝරත්වයෙන් ක්‍රියාකල අවස්ථාවන්ට ලංකාවෙන් තරම් උදාහරන වෙනත් කිසිදු රාජ්‍යකින් ලබාගත නොහැකිය .83 කලු ජූලි කලබල අවස්තාවලදී ජාතිවාදී උන්මාදයෙන් වැසුනු දේශපාලන හෙන්චයියන් සහ මුග්ධයන් දෙමල වැසියන් සතු දේපල කොල්ල කා ගිනි තැබීම එලෙස එක්ව  ක්‍රියාකල අවස්තාවක් ලෙස දැක්විය හැකිය


පසුගිය දශක කිහිපය තුල සිදුවු මහා තාක්ශනික විප්ලවයත් සමගම Vandalism හෙවත් නාශකවාදය යන්න භෞතික වස්තුන් විනාශකිරීමක් පමනක් නොව භෞතික නොවන තොරතුරු පද්ධති හා දත්ත විනාශ කිරීම දක්වාද අර්ථය පුලුල්විය .එය Cyber Vandalism හෙවත් සයිබර් නාශකවාදය ලෙස හැදින්වේ .අන්තර්ජාලය ඔස්සේ පැමිනෙන ඇතැමි පරිඝණක වෛරස ඔස්සේ පුද්ගලයින් එකරැස් කර ඇති දත්ත විකෘති කිරීම හෝ මකා දැමීම මෙයින් සිදුවේ. තාක්ශනය භාවිතයෙන්ම මෙය දැන් බොහෝදුරකට මැඩගත හැකි උවද එහි අනාගත ස්වරූපය මොන ආකාරයේ එකක් වේදැයි කිසිවෙකුත් නොදනී.දැනට සදහන් නොවුවද සයිබර් නාශකවාදයේ කොටසක් ලෙස සමාජමාධ්‍ය හරහා පුද්ගලයන්ට සිදුවන චරිතඝාතන සමාජමාධ්‍ය නාශකවාදය ලෙස යෝජනා කරනවා මෙන්ම එය දැන් වෙනම සාකච්ඡාවට බදුන්කල යතු විශේෂ කාරනය්ක බවට පත්ව ඇත. 



Popular posts from this blog

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ.  Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය.  කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ...