Skip to main content

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි..

අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Trends වැනි වැඩසටහනක් ඔස්සේ සෙවීමක් කලහොත් දිනකට ඊ-බේ වෙබ් අඩවිය වෙත පැමිනෙන සෙනග මෙන් දෙගුනයකටත් වැඩි පිරිසක් Pornhub පරිහරනය කරන බව ඔබට තේරුම් යනු ඇත .අද වනවිට ලෝකයේ ඇති ප්‍රමඛම පෙලේ ඔන්ලයින් වෙලදපලවල් යනු E-bay හෝ Aliexpress නැතිනම් Amazone නොව Pornhub හා Xhamister වැනි ඒවා බව  ඔබට පසක් වනු ඇත. ඉන් අවසානයේ ගම්‍ය වන්නේ ආර්ථික වශයෙන් ලෝක ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසකට මේ වැඩිහිටි වෙබ් අඩවි දායක වන බවයි 

මෙහි ඉතා වැදගත් කාරනාව වන්නේ ලිංගිකත්වයේ අභ්‍යන්තරික ආශාව වෙලදපල තුල අලෙවි වීමයි. මෙහිදි අපට ඉතා ජනප්‍රිය Sex Catagory කීපයක් ගැන අධ්‍යයන කිරීමට අවශ්‍යවේ.  CFNM,Incest,Exibitionist  Mature,Anal,Rimjob,Voyeurism,flashing,gay an lesbian ,Pissing ,zoosex  වැනි අද වන විට අසම්මත යැයි ලෝකය හදුන්වන ලිංගික චර්‍යාවන් කිසිවක් වැඩිහිටි වෙබ් අඩවි වලින් අලුතෙන් හදුන්වා දුන් ඒවා නොව සැබැවින්ම මේවා සිල්ලක්ම ස්වභාවික මිනිස් ලිංගිකත්වය තුල මෙතෙක් කලක් විවෘත නොකල චර්‍යාවන්ය. ඉතිහාසය අධ්‍යයනය කිරීමේදිත් සමාජීය කාරනා වලදීත් ආගමික කරනා වලදිත් දෙවියන් උදෙසා කල ඇතැමි යාතු කර්ම වලදීත් මේ මෙවන් ලිංගිකම චර්‍යාවන් ගැන සදහන් වේ.

උදාහරනයක් ලෙස ඉන්දියාවේ Khajuraho දෙවොලේ දක්නට ඇති කැටයම් අධ්‍යයන කලහොත් සාමාන්‍ය Porn වෙබ් අඩවියක ඇති ප්‍රවර්ග දහයකට එහායින් පිලිබිබු වන නිර්මාන ඇත. අදටත් අදහන ඇතැමි ආගම් තුල Besitality නොහොත් සතුන් සමග මෙවුන්දමේ යෙදීම අනුමත කර ඇත .Golden Shower නැතහොත් රන් දිය දහර ලෙස සිංහලෙන් හැදින්විය හැකි ලිංගික හැසිරීම අතරතුර අනෙකාගේ මුහුනට මුත්‍රා පිටකිරිම පානය කිරීම දැක්වෙන කාමුක සිතුවම් බොහොමයක් 1700 ගනන් වලටත් පෙර සිට දැකිය හැකිය .අනෙකාට ලිංගික අවයව පෙන්වා සතුටු වීම නොහොත් ප්‍රදර්ශනකාමුකත්වය (Exibitionism) ගැන ඔීනෑතරම් සාක්ශී දැනටද ඇත. මේ ගැන විශේෂ සටහනක් ආචාර්‍ය ඩෙස්මන් මොරිස්ගේ මනුසත් උයන පොතේ දක්වා ඇත.  මානවයා යනු සැබැවින්ම නීතිය සහ සම්මතය විසින් දම්වැල් කඹ දමා තමාම බැදගත් ස්වාභාවික මෘගවාදි සත්වයෙකි. එහෙයින් ඉහත කියන ලද ලිංගික ආශාවේ ප්‍රවර්ග සියල්ලක්ම සෑම මානවයකු තුලම සවිඤානිකව හේ අවිඤානිකව ක්‍රියාත්මක වන ලිංගිකත්වය ගැන සිහින ආශාවයි .

මෙහි ඉතා වැදගත් කාරනය වන්නේ ඉහත සදහන් ඇතැමි ආශාවේ ප්‍රවර්ග වල යෙදීමට Porn අඩවි හරහා කරන මැදිහත් වීමයි. Voyuerism නොහොත් අනෙකාගේ ලිංගිකත්වයේ රහස දෙස දුරසිට හොරෙන් බලා විනෝදවීමේ කාමය සියලු මානවයා සතු ලිංගික මනෝ ස්වභාවයකි. සම්මුති ලෝකයේ අප දන්නා පිරිමි හා ගැහැනු අනෙකාගේ නිරුවත දැකීම ප්‍රසිද්ධ ස්ථානයේදි ප්‍රතිශේප කරන්නේ සමාජිය බලකිරිමෙටය.  ඒය බැලීමකට ඇති නුවමනාව මත නිසා නොව සම්මතයේ එය වැරදියැයි කියවෙන කාරනාවක් නිසාය.

නමුත් ප්‍රකෘතිය නම් එය බැලීමට ඇති ආශාවයි .මෙහිදි සැබැ ප්‍රකෘතිවාදින් (Nudists) හෙලුවෙන් සිටීම හා නිරුවත් අනෙකා දෙස බැලිම යන මේ කාරනයේදි අවංකය. ගැහැනු නාන ස්තානවලදි දියරෙද්ද ඈත්වන තෙක් හොරන් බලා සිටින පිරිමියාගේ අවුල වන්නේ ඔහුට අර සමාජයෙන් එල්ලවිය හැකි (ව්‍යාජ) අපවාදය ගැන භිතිකාවක් නොමැති විමයි. මෙහි ප්‍රතිවිරුද්ද කාරනය ලෙස සමාජිය බාධකයක් තුල සිටින බහුතර පිරිමි Voyuraism ලගාකරගත නොහැකිවීම මත අසහානයට පත්වී සිටී. Pornhub ,Xvideos හා Voyeurit වැනි ලිංගික ආශාවේ අතරමැදි කරුවන් වානිජ ස්වරුපයෙන් වෙලදපලට පිවිසෙන්නේ අර කී සමාජිය බාධක මත Voyuraism හෙවත් හොරෙන් බලාසිටීමේ ආශාව ලගා කරගත නෙහැකි පිරිමි හා ගැහැනුන්ගේ ආශාවේ හිස්තැන පිරවීමටයි .

Gangbang නොහොත් සමුහ දූශනයද තවත් එවැනිම නරුමවාදි නිශ්පාදනයකි. මෙහිදි  මුදල් වෙනුවෙන් පෙනීසිටින නිරෑපන ශිල්පීන් සිටින ඒවාට වඩා මෙවන් Voyeur කැටගරි වල භයානකත්වය වන්නේ අනෙකාගේ ආශාව වෙනුවෙන් ඇතැම් විට ඔබටද පෙනීසිටීමට සිදුවීමේ අවදානමක් ඇති බැවිනි. පෙර කි ආකාරයට මානවවාදය ගැන දෙබිඩි ප්‍රතිපත්තියක රගදක්වන රටවල් අති විශාල බදු ආදායමක් වෙනුවෙන් මිනිස් ආත්මය විකිනීමට ඉඩ ලබාදිමයි. අදවන විට මිනිසාගේ ලිංගිකත්වයේ විවර නොවු කාමයන් නිශ්පාදන ලෙස ගෝලිය වෙලදපල තුල අලෙවි වන්නේ මේ අකාරයටයි.


Khajohara දෙවොලේ කැටයමක්






Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ.  Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය.  කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ...