(Tab Widget 2)

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ. 

Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය. 

කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ සන්නද්ධ කන්ඩායම්වලට එරෙහි පිරිස් මර්ධනය ආරම්බකර ඇත ජේශ්ඨ දේශපාලඤයින්  හා රජ්‍ය නිලධාරීන් විසින් එම ප්‍රදේශයේ භුමිය ඛනිජ සම්පත් පාලනය උදෙසා මෙම සන්නද්ධ කන්ඩායමි නිර්මානයකර සහය ලබා දි ඇත.

සිතියම් ප්‍රස්තාර බ්ලොග් ලිපි සහ විශ්ලේශනාත්මක දත්ත ගලපමින් ටැකර්ස් කන්ඩායම විසින්
මේ ප්‍රදේශයේ තත්වය නිරන්තර පිරික්සනු ලබන අතරම 15 දෙනෙකුගෙන් යුතු කන්ඩායමක් මෙම උතුරු හා දකුනු කිවු ප්‍රදේශවල ආගමික නායකයන් ප්‍රාදේශිය නායකයින් හා සමාජ ක්‍රියාකාරිකයන් සමග සකච්චාකරමින් මෙහි දැනට සිදුවන සමුහ දුශණ පැහැරගැනීම් හා දේශපාලනික මැඩපවැත්වීම ගැන දත්ත රැස්කරමින් සිටි. කෙසේ නමුත් දත්ත වලින් ගම්‍ය වන්නේ  පසුගිය වසර දෙක තුල කිවු හී ජන ජීවිතය ඉතාම භායානක තත්වයකට පත්ව ඇති බවයි. මෙහි කේන්ද්‍රිය ස්තානය වි ඇති Beni ප්‍රදේශයයසමස්ත මරන වලින් තුනෙක් එකක් පමන සිදුව ඇත්තේ මේ ප්‍රදේශයේ වන අතර පුද්ගලයින් වැඩිම පිරිසක් පැහැරගෙන ගොස් ඇත්තේ Rutshauru ප්‍රදේශයේදිය





My Instagram