Skip to main content

Youtube භාවිතයේ මාර්ගෝපදේශ සිංහලෙන්

2010 වර්ශයෙන් පසු ලංකාව තුල අන්තර්ජාල ව්‍යාප්තිය ඉතා වේගයෙන් සිදුවු අතර Facebook වැනි සමාජ මාධ්‍ය ඔස්සේ ලංකාවේ වෙනම අකාරයේ නිදහස් මාධ්‍ය සම්ප්‍රදායක් බිහිවිය. අඩු වැඩි වශයෙන් මෙහි හොද නරක දෙකම ලෙස ප්‍රතිඵල දකින්නට තිබුනත් බොහෝ අවස්තාවලදී ආන්ඩු බලයට පත්වු පසු මෙල්ල කර දනගස්සවා තමන්ට අවශ්‍ය මතවාදයන් ජනතාවගේ ඔලුවල ගිල්ලවීමේ මාධ්‍ය ක්‍රමයට දැඩිපහරක් වැදුනි. ඇතමෙක් කියන අකාරයට මෙය සියවසකටවත් හෙල්ලිය නොහැකි යැයි කියූ ඇතැම් ප්‍රභල ආන්ඩු පෙරලියක් දක්වා දිග්ගැස්සවෙන තරම් විප්ලවීය විය. එසේ සිදුකල පෙරලිය පිලිබද බරපතල ගැටලු ඇතත් එක් අරමුනක් වෙනුවෙන් ජනතාව පෙල ගැස්සවීමට පොදු සමාජ මාධ්‍යකට මෙසේ බලයක් ලැබීම ප්‍රසංසනීය කාරනයකි.

Facebook සමාජ මාධ්‍යත් සමගම ඇතිවු ලංකාවේ අන්තර්ජාල භාවිතයේ වේගවත් බව නිසාම අන්තර්ජාල සේවා සපයන සමාගම් ඉතා අඩු ගාස්තු යටතේ දත්ත සේවාවන් ලබාදීම නිසා YouTube සමාජ මාධ්‍යද ඉන් පසු ඉතා වේගයෙන් ජනප්‍රිය වු අතරම මේ වන විට එය Facebook තරමටම ලංකාවේ මහජනතාව විසින් පරිහරණය කරමින් පවති. කෙසේ නමුත් පසුගිය කාලය තුල ආන්දෝලනයට ලක්වු ඇතැම් විඩියෝ දර්ශන නිසා යුටියුබි භාවිතයේදී සමාන්‍ය මහජනතාව දැන ගත යුතු YouTube බාවිතයේ මාර්ගෝපදේශයන් සිංහල බසින් ඉදිරිපත් කිරීමට තිරනය කලෙමු. පහත දැක්වෙන්නේ එම මාර්ගෝපදේශයන්ය.


නිරුවත් සහ ලිංගික ජවනිකා

අසභ්‍ය දර්ශන සහිත සමන්විතයන් (Pornography) සහ විකෘති ලිංගික හෝ වෙනත් අකාරයේ දර්ශන (Fetish) කිසිම විටක Youtube හරහා ප්‍රකාශයට අවස්තාවක් නොදෙන අතර ඇතැම් දර්ශන වල ප්‍රාථමික වැදගත්කම මත එනම්  අධ්‍යාපනික ,විද්‍යාත්මක, වාර්තාමය වැඩසටහන් හෝ කලාත්මක නිර්මානයන් උදෙසා ඉදිරිපත් කරන විඩියෝ දර්ශනවලට එක්තරා වයස් කාන්ඩයක පිරිසකට (Age Restricted) පමනක් නැරඹිය හැකි ලෙස එම දර්ශන  ඉදිරිපත් කල හැකිය.  උදාහරනයක් ලෙස පියයුරු පිලිකා පිලිබද දැනුවත් කීරිමේ කර්තව්‍යක් උදෙසා එවන් විඩියෝ දර්ශන ඇතුලත් කල හැකි නමුත් ඉහත සීමාවන් ඉක්මවන දර්ශන සදහා අනුග්‍රහයක් නැත.

හානිකර සහා භයානක අන්තර්ගතයන් සහිත දර්ශන

දේපල හෝ ජීවිත හානි ඇතිවන ආකාරයේ දේවල් පිලිබද ඉදිරිපත් කිරීම්  යුටියුබ් මගින් වලක්වනු ඇත. බෝම්බ නිශ්පාදනය මත්ද්‍රවය නිශ්පාධනය වංචනික ක්‍රම සියදිවි නසා ගැනී්ම් ක්‍රම  ආදිය වැනි සමාජ විරෝදී නීතිවිරෝදි මෙන්ම දේවල සහ ජීවිත වලට හානි වන අකාරයේ දේවල්  නිර්මානය පිලිබද විඩියෝ මහජන කැලඹිමක් ඇතිකරනවන මහජනයා කුපිත කරවන ආකාරයේ විඩියෝ දර්ශන යෙදීම් තහනම් වන අතර අධ්‍යාපනික හෝ සමාජිය දැනුවත්භාවය උදෙසා කරන එවන් දේ ඇතුලත් දර්ශණ එක්තරා වයස් කාන්ඩයකට පමනක් නැරඹිය හැකිලෙස සීමා කල යුතුය.

වෛරි සහගත ප්‍රචාරයන්

Youtube තුල ජාති, ආගම්, රටවල් ,ලිංගිකත්වය, අබාධිතබව ,වයස, වැනි සාධක මත වෛරි සහගත ප්‍රචාරයන් ඉදිරිපත් කිරීම Youtube නිති රිති වලට පටහැනි වේ

ප්‍රචන්ඩකාරී සහ අධි සංවේදී දර්ශන

යුටියුබ් සේවය ලොවපුරා වාර්තාකරනයේ යෙදෙන මාධ්‍යවේදීන්ගේ තෝතැන්නක් වී ඇති නමුත් එවන් දේ වාර්ථාකරනයේදි ප්‍රවේශම්විය යුතුය .ප්‍රචන්ඩත්වය හා ජගුප්සාජනක දේ යුටියුබ් හරහා ඉදිරිපත් කිරීම තහනමිය. නමුත් අධ්‍යාපනික, වර්තාකරනය හෝ විද්‍යාත්මක පදනමක් මත එවැන්නක් ප්‍රචාරය කල හැකි නමුත් අදාල විඩියෝව ධාවනය වීමට පෙර නරඔන්නාට ඒ ගැන අවවාදයන් (Viewer Advice) ලබාදිය යුතු අතර කැප්ශන් හී  ඒ ලිපිබද විස්තරයක්ද සටහන් කල යුතුය.

කිසිදු ත්‍රස්තවාදි ක්‍රියාවක් හෝ එවන් සංවිධානයක් පිලිබද ප්‍රචාරය හා මහජන අවදානය ලබා ගැනීමට යුටියුබ් භාවිත කල නෙහැකි අතර අධ්‍යාපනික හෝ වාර්ථාමය වැඩ සටහන් සදහා පමනක් සීමා කල වයස් කාන්ඩ යටතේ එවැනි දේ ප්‍රදර්ශනය කල හැකිය.

හිරිහැර කිරීම්

Youtube හරහා කිසිම ආකාරයකට තවකෙකුට හිරිහැර කිරීමට අපයෝජනයකට හෝ කප්පම් ගැනීමකට Youtube වෙත විිඩියෝ ඉදිරිපත් කිරීම තහනම්ය.


ස්පෑම් හා වංචනික අරමුනු 

කිසිවෙකුෙට හිරිහැරකාරී ලෙස පනිවුඩ යැවීම අදහස් දැක්වීම (Commenting)  ,විඩියෝ අප්ලෝඩ් කිරිම යුටියුම් තුල තහනම් වේ, එමෙන්ම කෘතීම ලෙස මෘදුකාංග භාවිතයෙන් හෝ වෙනත් ක්‍රමයකින් නැරඹිම් වාර වැඩි කරගැනීම Likes ගැනීම හෝ කෘතිම ලෙස Comment යෙදීම ඔබේ යුටියුබ් ගිනුම අහෝසී කිරීමට හේතුවේ,

Youtube තුල සම්මත ලෙස අදාල විඩියෝවට අදාල මාතෘකාව විස්තරය Tags සහ Thumbnail ඡායාරෑපය වැනි විස්තර වලට අමතරව බලපෑම්කාරී ලෙස යොදන සෙවුම් දත්ත (Meta Data) නිසා ඔබේ වීඩියෝව සෙවුමි යන්ත්‍රවලට හසුකර ගැනීමෙන් ප්‍රතිශේප විය හැකිය.

විඩියෝවට අදාල  Thumbnail ඡායාරූපය වෙනුවට ආකර්ශනය ඇතිකර ගැනීමේ අරමුනින් යොදන ව්‍යාජ හෝ විඩියෝවට අදාල නොවන සහ ලිංගිකත්වය ඉස්මතු කරන අකාරයේ නොමග යවන සුලු Thumbnail ඡායාරෑප යෙදීම නොකල යුුතුය.

සම්මත ක්‍රමවේදයෙන් බැහැරව මුදල් ඉපයීමේ අරමුනින් හෝ වෙනත් කිසිදු මුල්‍යම ප්‍රතිලාභයක්බලාපොරොත්තුවෙන් හෝ වෙනත් වංචනික අරමුනකින් විඩියෝ අප්ලෝඩ් කිරීම තහනම් වේ.

බුද්ධිමය හිමිකම (Copyrights) 

මේ පිලිබද වෙනම ලිපියක් සිංහල බසින් පසුව ඉදිරිපත් කෙරේ.

පෞද්ගලිකත්වය

ඔබේ අනුදැනුමකින් තොරව Youtube හරහා ඔබේ පෞද්ගලික තොරතුරු හෝ ජායාරූප ඉදිරිපත් කර ඇතිනම් පලමුව ඔබට අදාල විඩියෝව ඇතුලත් කල අය හා එකගතාවකට පැමිනිය හැකි අතරම එය අසාර්ථක නම් සෘජුව Youtube වෙත පැමිනිල්ල යෙමුකල හැකිය .පහත හදහන් මුලික කරුනු මත පැමිනිල්ල යෙමු කල හැකිය. එනම්

  • යුටියුබ් හරහා අවසරයකින් තොරව ඡායාරෑප හෝ හඩ (Voice) ඉදිරිපත් කිරීම
  • සම්පුර්න නම
  • මූල්‍ය තොරතුරු
  • සම්බන්ධකරගැනීමේ තොරතුරු (Contact Details)
  • වෙනත් පෞද්ගලික හදුනා ගැනීමේ තොරතුරු යන ඒවායි
හුවාදැක්වීම/ නෙමග යැවීම

යුටියුබ් තුල සමාන අකාරයේ නම් වලින් චැනල්/ගිනුම් නම් පවත්වාගෙන යම්න් අන අය රැවටිම හෝ මුල් ගිනුම් හිමියා අපහසුතාවට පත්කිරීම Comments යෙදීම හෝ හිරිහැර කිරීම ගිනුම අත්හිටුවීමට හේතුවක් වේ 

ඉහත සදහන් ඕනෑම කාරයක් උදෙසා ඔබට අසාධාරනයක් වී නම් නීතියේ පිහිට ලැබිය හැකි අතරම මේ පිලිබද Youtube සේවයට පැමිනිල්ලක් ඉදිරිපත් කර සාධාරනක් බලාපොරොත්තු විය හැකිය සමාජ මාධ්‍ය අනෙකාගේ යහපත උදෙසා මිස අභාග්‍ය උදෙසා භාවිතා නොකල යුතු බව සියලු දෙනාම තේරුම් ගත යුතු කාරනයකි 


Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ.  Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය.  කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ...