Skip to main content

දේශපාලනික පොතක් කියවමු - 01 ( ජාතියේ ඛේදවාචකය - වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාව පසුගිය වර්ශ දෙදහස් පන්සීයකට ආසන්න කාලය තුල විවිධ බාහිර ජාතීන්ගේ ආක්‍රමනට වලට ලක්වු රටකි .විශේෂයෙන්ම දකුණූ ඉන්දීය ආක්‍රමන වලින් පසු වර්ශ 1515 දී පෘතුගීසීන්ගේ ආක්‍රමන වලින් ආරම්භවු බටහිර ජාතීන්ගේ පැමිනීම අපේ රටට වැඩිම බලපෑමක් කල සංසිද්ධීන් අතර වේ. 1818 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වු අප බොහෝ දුශ්කරතා ඔස්සේ අහිමි කරගත් දෑ සහ ලබාගත් දෑ බොහෝය. රාජාන්ඩු ක්‍රමය අහෝසි වී ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් හිමිවීම එක් අතකින් අප ලබාගත් ජයග්‍රහනයකි. 

නමුත් 1948 පෙබරවාරි 04 දින අප ලබාගන්නා ලද ඩොමීනියන් නිදහසේ සිට මේ දක්වා කාලය තුල මේ රට ක්‍රම ක්‍රමයෙන් අගාධයට ගොස් මේ වනවිට ඉතා දූශීත දුප්පත් මෙන්ම දුශ්ඨ රාජ්‍යක් බවට පත්වීමේ ගැටලුවේ ආරම්භය සැබැවින්ම මෑත ඉතිහාසය තුල ආරම්භ වුවක් නොව එය වසර 71 ක් ආසන්න ඉක්මවා ගියපු කාලයක් පුරා වු සිදුවීම් වල ප්‍රතිඵල බව ලංකාවේ දේශපාලනික ඉතිහාසය ගවේශණය කරන්නෙකුට පැහැදිලිවම අවබෝධවනු ඇත.

අපේ පෞද්ගලික විශ්වාසය නම් අප වැටී සිටින දේශපාලනික අඝාදයෙන් ගොඩ පැමිීණිමට නම් පලමුවෙන්ම ලාංකිකයන් මිත්‍යාව සහ ප්‍රතිශේපකර සත්‍ය දෙසට වඩාත් ලංවිය යුතුය .එම නිසා මොහොතකට අපට රාවණා වැනි මිත්‍යා ප්‍රබන්ධ වලින් විරාමයක් ගෙන වර්ශ 1818 සිට මේ මොහොත දක්වා ලංකාවේ ජුගුප්සාජනක දේශපාලනික ඉතිහාසය ගැන එක පිටුවක් නෑර සියලු ශ්‍රිලංකිකයින්ගේ අවබෝධයේ පහන දැල්විය යුතුය . එදා මෙදා තුර බලය ප්‍රමුඛව පවත්වාගත් කිසිදු ආන්ඩුවක් හෝ දේශපාලනික කන්ඩායමක් මගින් පාසල් මට්ටමෙන් හෝ වෙනත් ආකාරයකින් ඒ කෙටි ඉතිහාසය අවධි කිරීමේ කාර්‍යට අත නොගසනු ඇත .මන්ද ලාංකිකයන්ගේ දේශපාලනික දැනුවත්භාවය නිසැකවම ඔවුනට මරුපහරකි. ඔවුන් විසින්  කලින් කලට විවිධ මිත්‍යාවන් කරලියට ගෙන එනු ලබන්නේ මේ සියවසක මදක් වැඩි අමිහිරි සත්‍ය අතීතය වලදමනු පිනිසය .

සත්‍ය එවන් දුරකින් ඇති මොහොතක ප්‍රවිණ මාධ්‍යවේදි හා දේශපාලන විචාරක  වික්ටර් අයිවන් මහතා විසින් රචිත ජාතියේ ඛේදවාචකය ග්‍රන්ථය මෙරට සිටින ප්‍රගතිශීලි මෙන්ම දේශපාලනික ඉතිහාසය ගැන දැනගැනීමට උනන්දුවක් දක්වන සියලු දෙනාට ඉතා වටිනා ග්‍රන්ථයක් වනු නොඅනුමානයි. ඉංග්‍රීසීන්ගේ යටත්විජිතවාදී ක්‍රමයේ සිට උතුරේ සන්නද්ධ අරගලයේ ආරම්භය දක්වා ලංකාවේ දේශපාලනික ඉතිහාසයේ කතාව සැකෙවින් මෙන්ම ඉතා පැහැදිලිව පිටු 107 ක් වන මේ කුඩා කෘතියේ ඇතුලත්ව ඇත. බටහිර දේශපාලනික න්‍යායන්ගේ සිට ධර්මපාල චින්තනය, ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ චින්තනය, බ්‍රිතාන්‍ය පාලක කොමිසම් සහ ව්‍යාවස්තා, බන්ඩාරනායක චින්තනය සහ  භාශා ගැටලුව හරහා දෙමල අර්බුධයේ මතුවීම ගැන කතාව ඉතා සුපැහැදිලිව මේ වටිනා කෘතියේ සටහන් වේ. සෑම ශ්‍රී ලාංකිකයෙක්ම කියවිය යුතුම ග්‍රන්ථයක වන මෙය රාවය ප්‍රකාශනයකි. මෙම පොතේ පෙල පහත ලෙස දැක්විය හැකිය.


යටත්විජිතවාදය
නවීන රටක් හා සමාජයක් ඇතිවීම
බ්‍රිතන්‍ය පිලිවෙත
බටහිර පුනුරුදය
නිදහස්වාදය
ඉන්දියාවේ චින්තන විප්ලවය

ධර්මපාල චින්තනය
ලංකා ජාතික සංගම් ව්‍යාපාරය
ලංකා ගාන්ධිවාදින්ගේ චින්තනය
( හැන්ඩි පෙරින්බනායගම් ගැන හොද විස්තරයක් සහිතයි)
වාමාංශික ව්‍යාපාරයේ චින්තනය

සිංහල දෙමල භේධයේ ආරම්භය
ඩොනමෝර් කොමිසම
56 විප්ලවය
72 කොල්වින් ව්‍යවස්ථාව
ජේ ආර් ගේ 77 ව්‍යවස්ථාව
නිරීක්ශන  


Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

දෘශඨිවාදය යනු

දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි