සිරිනි මල් පිපුනේය. සුදු පැහැ මල් පොකුරු විවෘත කුවුලුව තුලින් මගේ කුටියට එබිකම් කරන්නට විය .1926 ජුනි 08 වැනිදා ඒ මිහිරි මතකය. චෙර්නිගොව්ශිනාවේ ප්රීලුකීහි දී මා සිතෙහි සිත්තම් විය. ඒ සොදුරු දිනයේ මට පුතෙක් උපන්නේය - යෙලේනා කොෂව්යා තම ලෙයින් බිහිවුන දරුවා උපන් හැටි මාතෘ සෙනෙහසින් කිරිබිවු හැටි, දන ගාපු හැටි, හැදුන වැඩුන හැටි, සහ අවසානයේ තමන්ටත් පෙර තම දරුවගේ මල සිරුර සමුහ මිනී වලකින් ගොඩගත් හැටි සියලු වේදනාකාරී මතකයන් පොතක ලියන්නට සිදුවීම කොයිතරම් ඛේදජනක සිදුවීමක්ද. එවන් මවුවරු දසදහස් ගනනක් තවමත් මේ ලංකාවේ පොලව මතද ජීවත්ව සිටින අතරම ඇතමෙක් සියලු වේදනාවන් එලෙසින්ම හැදවතේ කැටිකරගෙන පොලවට පස් වී ගොසින්ය. යෙලේනා කොෂෙවයා ලේඛිකාවක් නොව උදාර පුත්රයෙකු ලෝක...
Blog Of Progressive People