Skip to main content

My Country

ඔෂින් ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා
ඒ අතරවාරේ දුක්සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන්

නුරුස්සන අය හමුවේවි ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා දුක්දෙන්න එපා අනුන්ට ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි ඔයාම දුක්වෙයි අවසානයේදී. යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි. කරපු හැම දේ ආපසු එයි. මේ අහන්න ඔෂින් , කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන් ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න කරුණක් තියෙනව ඇති. මොනවහරි තිබුණොත්,එතකොට පරිස්සම් වෙන්න නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්. දොස් නඟන්න එපා අනුකම්පා කරන්න හේතුවක් නැතිව ඔබට වද දෙන අය,දුකින් පිරුණු අය. ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ ,අන්න එහෙම හිතන්න.ඔවුන්ට සමාව දෙන්න. ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව ,අනුන්ට ආදරේ කලොත් ආපිට ඔයාට ආදරේ ලැබෙයි එතකොට ඔයා සැනසීමේ ජීවත්වන කෙනෙක්වෙයි මම කියලදුන්නනෙ කියවීම ලිවීම ගණිතය කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ තමන්ගෙ පපුව හොඳ නැත්නම් කොච්චර ඉගෙනගත්තත්. කොච්චර උසස් වුනත් ඔයාට වැඩක් වෙන්නෙ නෑ ඔයා හොඳ කෙනෙක් නෙවෙයිනම් -සන්සකු දර්ශනය

Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

දෘශඨිවාදය යනු

දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි