Skip to main content

Posts

Showing posts from January, 2019

වසර 150 ක් පැරණි ලාංකීය තේ දල්ලේ කතාව

තේ දලු නෙලන්නන්ගේ දිනක වැටුප රුපියල් 1000ක් බවට පත්කර ගැනීමේ සටන මේ දිනවල ඇවීලි යන නමදු එයට කුමන ආකාරයක ප්‍රතිචාරයක් රජයෙන් හෝ තේවතු  හිමියන්ගේ ලැබේදැයි කිව නොහැකිය .මේ තේදලු නෙලන මිනිසුන් පුරා සියවසකුත් අඩක් පමන කාලයක් පුරා පරම්පරාවෙන් පරම්පරාවට කඹුරා ලංකාව ලෝක තේ අපනයනකරුවන් අතර ප්‍රමුඛස්ථානයක් කරා ගෙන යාමට ලේ හඩිය හැලූ නමුදු කුමන හෝ අවාසනාවක් මත ලාංකීය සිංහල බෞද්ධ සංස්කෘතියක් මත හැදී වැඩුනා යැයි පුරසාරම් දොඩවන මහා කරුණාබර හදවතින් යුතු කිසිවෙකුගේ  අවධානයට යොමු නොවු පීඩිත මිනිසුන් පිරිසක් ලෙස ඔහුන්ට ජීවත්වීමට සිදුව ඇත . ඔවුන්ගේ ජීවිතය වනාහී ලයින් කාමරයේ ඉපදී එහිම ඇටකටු බවට පත්වීම බව දැන දැන කිසිවකුත් ඔවුන් කෙරේ හඩක් නගන්නේ නැත .සරලව කිවහොත් කාලෙන් කාලෙට මතුවන දමිල තේ කම්කරුවන්ගේ ගැලවුම්කරුවන් උන්ගේ කරමතින්ම ගොඩයාමත් ඔවුන් සදාකාලීකවම මේ අපා ජීවිතය තුල සිරවී සිටීමේ ප්‍රීතිය භුක්ති විදින්නන්ගේත් ගනන විශාල සංඛාවකි. මෙහි දැක්වෙන්නේ BBC ලෝක පුවත් සේවය හරහා 2018-04-10 වන දින The 150 years old story of sri lankan tea making  යන ශිර්ෂයෙන් යුතුව Schmoo theune විසින් ඉද...

Google Trends වැඩසටහන මිනිසාගේ සමාජීය හැසීරීම විනිවිද දැකිය හැකි උපකරණයක්ද ?

Google සමාගම අද වන විට අන්තර්ජාල සේවා සපයන ආයතන අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතරම ලෝක ව්‍යාප්තජාලයේ බලකොටුව බවට පත්ව තිබේ. ගුගල් මගින් ලෝක වාසීන්ට නොමිලේ බෙදාදෙන සිය ගනනක් සේවාවන් අතරින් ලාංකිකයන් හරි හමන් ප්‍රයෝජනයක් ගන්නවාද යන්න සැකයක් තිබෙන නමුත් තවමත් පූර්ණ වශයෙන් ලාංකිකයන් අන්තර්ජාල භාවිතයට හුරුවී නැති නිසා ඉදිරියේදී අපට එක් විය හැකි අවස්ථා බොහෝමයකි. Google සමාගම විිසින් Google Trends සේවාව ලෝකවාසීන්ට හදුන්වාදෙන්නේ 2006 වර්ශයේ Google Insights සේවාවට අනුබද්ධිතව. නමුත් පසුව එය වෙනම සේවාවක් ලෙස හදුන්වාදෙන ලදී. Trends සේවාව යනු ගුගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ජනතාව කරන සෙවුම් පිලිබදව විශ්ලේශනාත්මක වාර්ථාවන් ඉදිරිපත් කරන වැඩසටහනකි .මේ සේවය හරහා යම් සෙවුම් පද (key words) එකකට වැඩි ගනනක් ලෝකවාසීන් හෝ යම් රටක ජනතාවක් සෙවුම් කර ඇති ප්‍රමානය කාලය පරතරයන් හා ප්‍රදේශ පිලිබද සවිස්තරාත්මක වාර්ථාවක් ලබාගත හැකිය.පසුගිය කාලයේදී ලංකාවෙ SEX යන සෙවුම් වදන Google සෙවුම් යන්ත්‍රය තුලින් වැඩිම වාර ගනනක් ගවේශනය කල රට හැටියට පෙන්වුම් කලේද මෙම google trends සේවාව හරහාය. Google Trends සේවාව සමාජ විශ්ලේශන උප...

මයේ අම්මේ යමු යංඩ නොහොත් නාගොල්ලාගොඩ කවියාගේ ආත්මය - Poems From Dramasiri Benadic

මා කෙටි කතා නවකතා සහා ශාස්ත්‍රිය ග්‍රන්ථ කියැවීමට හුරුවී සිටිය අතර කිනම් හෝ ස්ථානයකදී මට කවිය අත්හැරී  තිබුනි .ඇතැමි විට මම බොහෝ ආශ කරන ලද්දේ නවකතා ඔස්සේ දීර්ඝ මනෝ සංචාරයන් හී යෙදීමට හෝ ජීවින අත්දෑකිමක් අන් මිනිසෙකුගේ කෝණයෙන් කියන කෙටි කතාවන් කියවීමටය. ඒ හැරුණ කොට සමාජ විද්‍යාව සහ දේශපාලනයට සම්බන්ධ ශාස්ත්‍රීය ග්‍රන්ථ වලටද ඇලුම් කල නමුදු කවිය මා වෙත සමීප වීමට ප්‍රමාද වුයේ ඇයි දැයි නොදනිමි .බොහෝ අවස්ථාවල අන්තර්ජාලය සහ මුහුණු පොත භාවිතයේදී මට දක්නට ලැබුන කවි නිර්මාණ හුදෙක් මා විසින් මුසික රෝදය කරකවා මගහැර ගිය අවස්තා අපමනය. නමුත් එක් කලෙක මගේ සිතේ සටහන් වු කවි (ප්‍රබේධයක්) ගැන සිතේ සටහනක් ඉතුරුව තිබුනි. ඒ අන් කිසිවක් නොව ජීවිතය හා පීඩිත බව ගැන කවි නේද යැයි මට සිතුනි .මේ පිලිබද සිතේ රැදුන මතක කිහිපයකි. එක් අවස්තාවක මා කියවපු කවියක් නමි බුන්දි වෙලෙන්දෙක් සමග පැන නංගී ගැන අයියා කියන කතාවයි (මට එහි පද මතක නැත). අනික නම් 9 වසර සිංහල පොතේ මා කියවු නන්දන වීරසිංහ කවියාගේ ''දුම්මල ගලට ගිය අම්මා" කවි පන්තියයි .එය මා ඉතා සසල කල කවි පෙලකි .අනික නම් මා ඉතා ගරුකරන මා හදවත පතුලටම කා වැද...

Tianman සමුලඝාතනයේන මතු වු නොහදුනන මිනිසා

1989 ජුනි මාසයේ දීනෙක මාසයේදී මිලියනයකට ආසන්න බහුතර තරුන ශිෂ්‍ය ප්‍රජාවක් ප්‍රමුඛ ජනතාවක් චීනයේ බීජින් නුවර ටියැනන්මන් චතුරශ්‍රය ආශිත ප්‍රදේශයට රැස්වුයේ එවකට චීන කොමියුනිස්ට පක්ශ නායකයින්ට ඉල්ලා අස්වීමට බලකීරීමකටත් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ඉල්ලීමටත්ය සති තුනකට ආසන්න කාලයක් මෙම විරෝධතාකරුවන් එහි රැදී සිටියේය