Skip to main content

Google Trends වැඩසටහන මිනිසාගේ සමාජීය හැසීරීම විනිවිද දැකිය හැකි උපකරණයක්ද ?

Google සමාගම අද වන විට අන්තර්ජාල සේවා සපයන ආයතන අතරින් ප්‍රමුඛස්ථානයක් ගන්නා අතරම ලෝක ව්‍යාප්තජාලයේ බලකොටුව බවට පත්ව තිබේ. ගුගල් මගින් ලෝක වාසීන්ට නොමිලේ බෙදාදෙන සිය ගනනක් සේවාවන් අතරින් ලාංකිකයන් හරි හමන් ප්‍රයෝජනයක් ගන්නවාද යන්න සැකයක් තිබෙන නමුත් තවමත් පූර්ණ වශයෙන් ලාංකිකයන් අන්තර්ජාල භාවිතයට හුරුවී නැති නිසා ඉදිරියේදී අපට එක් විය හැකි අවස්ථා බොහෝමයකි.

Google සමාගම විිසින් Google Trends සේවාව ලෝකවාසීන්ට හදුන්වාදෙන්නේ 2006 වර්ශයේ Google Insights සේවාවට අනුබද්ධිතව. නමුත් පසුව එය වෙනම සේවාවක් ලෙස හදුන්වාදෙන ලදී. Trends සේවාව යනු ගුගල් සෙවුම් යන්ත්‍රය ඔස්සේ ජනතාව කරන සෙවුම් පිලිබදව විශ්ලේශනාත්මක වාර්ථාවන් ඉදිරිපත් කරන වැඩසටහනකි .මේ සේවය හරහා යම් සෙවුම් පද (key words) එකකට වැඩි ගනනක් ලෝකවාසීන් හෝ යම් රටක ජනතාවක් සෙවුම් කර ඇති ප්‍රමානය කාලය පරතරයන් හා ප්‍රදේශ පිලිබද සවිස්තරාත්මක වාර්ථාවක් ලබාගත හැකිය.පසුගිය කාලයේදී ලංකාවෙ SEX යන සෙවුම් වදන Google සෙවුම් යන්ත්‍රය තුලින් වැඩිම වාර ගනනක් ගවේශනය කල රට හැටියට පෙන්වුම් කලේද මෙම google trends සේවාව හරහාය.

Google Trends සේවාව සමාජ විශ්ලේශන උපකරණයක් ලෙස භාවිත කල හැකිද යන්නට නිශ්චිත වු පිලිතුරක් සැබැවින්ම දිය නෙහැකිය .මන්ද යම් කාරණයක් ගැන පුලුල් සමාජ විශ්ලෙශනයකට වඩා පුලුල් වු ප්‍රවේශයන් ගනනාවක් ඔස්සේ බැලිය යුුතු නිසාය .කෙසේ උනත් එය රටක හෝ ලෝකයේ ජනතාව යම් කාල ප්‍රාන්තරයක් තුලදී වැඩිපුරම උනන්දු වන්නේ කුමක් සදහාද යන්න පිලිබද පැහැදිලිවම කිව හැකි කාරණයකි. යම් පදනමක් මත එකිනෙකට සම්බන්ධකල හැකි සාධක නැතහොත් සෙවුම් වදන් කිහිපයක් තෝරාගැනීමෙන් යමි කාලපරතරයක් තුල යමි ප්‍රදේශයක් ජනතාවක් වැඩිපුරම උනන්දු වු කාරණය මින් හදුනා ගත හැකිය .නැතහොත් එකී සමාජය විිවිධ කාල වලදී විවිධ අංශ වලට නැඹුරුවු ප්‍රමාණය මින් පහසුවෙන් අවබෝධකර ගැනීමට භාවිත කල හැකිය පහත උදාහරණය බලන්න.


ඉහත Trends විශ්ලේශනයෙන් දැක්වෙන්නේ පසුගිය වර්ශ 5ක් ඇතුලත ලංකාවේ ප්‍රධාන ආගම් වන බුද්ධාගම ස්ලාම් ආගම සහ හිංදු දහම පිලිබද ලාංකිකයන් අන්තර්ජාලය තුල ගවේශනය කර ඇති ආකාරයයි. මෙහි දැක්වෙන ප්‍රස්ථාරය අනුව ලාංකියන් Buddhism හෙවත් බුද්ධධර්මය ගැනත් Islam හෙවත් ස්ලාම් ධර්මයත් හිංදු ධර්මයත් ගැන ගවේශනය කර ඇති ආකාරය දැක්වේ. මෙහි ප්‍රධාන වශයෙන්ම දැක්වෙන සංරචක දෙක වන ස්ලාම් ධර්මය හා බුද්ධ ධර්මය සසදන විට පසුගිය වසර 5 තුල ස්ලාමි භාක්තියන්ගේ ප්‍රතිශතය 9.5 %ක් හා ‍බෞද්ධ ප්‍රතිශතය 75% වන තත්වයක් යටතේද ස්ලාම් ධර්මය යන්න ගවේශනය කර ඇති ප්‍රමාණය බුදුදහම ගවේශනය කර ඇති ප්‍රතිශතය මෙන් දෙගුණයක් පමණවේ. මෙහි සරල උපකල්පනයක් ලෙස බොහෝවිට පසුගිය කාලපරිච්චේදය පුරා  ඇති වී තිබු ආගමික ගැටලුකාරී තත්වය මත බෞද්ධ ප්‍රජාවගෙන් පිරිසක්ද ස්ලාම් ධර්මය හෝ එහි සංස්කෘතිය ගැන කරුණු කෙරේ උනන්දුවකින් පසුවු බව උපකල්පනය කල හැකිය.


ආගම සැම විටම උත්සහ දරන්නේ මිනිසා සික්ෂාකාමී පුද්ගලයෙක් බවට පත් කිරීමටය .නමුත් කෙදිනක නම් මිනිසා විසින් නිර්මිත ආගම්වලට ස්වභාවයට පිටතින බාහිර කරුණක් ලෙල එල්ල කරන ආගමික බලපෑමට ස්වභාවික මිනිසා යටත් කල හැකිවේද . අති ආගමික නැඹුරුවක් සහ හික්මීමක් ඇති රටක් වන ලංකාව තුල ආගම් ගැන ගවේශනය සහ Pornhub නම් ජනප්‍රිය වෙබ් වදන සෙවීමේ පරිමාවේ තරම හදුනාගත හැකිද. සැබැවින්ම මෙය ලංකාවට පමනක් නොව ඕනෑම රටක Trend ප්‍රස්ථාරයක් තුල දැකිය හැකි ස්වභාවයකි.

සැබැවින්ම මා විසින් ඉහත දැක්වා ඇත්තේ Trends සේවය සමාජ විශ්ලේශනයන් සංගනනයන් හෝ සමාජීය හැසිරීම පිලිබද තේරුමි ගැනීමට Google trends හරහා හැකිය යන මතය ඉදිරිපත් කිරීමට නොව එය යමි අවස්ථාවලදී සමහර විශ්ලේශනයන්ට උපකාරයක් කර ගත හැකි බව පෙන්වීමට මෙන්ම ලාංකිකයන් බහුතරයක් උනන්දු නොවන ගුගල් සේවාවන් පිලිබද උනන්දුවක් ඇති කරලීමටය.

Popular posts from this blog

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ.  Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය.  කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ...