Skip to main content

Posts

Showing posts from February, 2019
අසාර්ථක ව්‍යාපෘතින් වලට මුදල් ආධාර ලබාදෙමින්  රාජ්‍යන් ගෝලීය වශයෙන් දන ගැස්සවීමේ චීන බලපෑම පිලිබද පුවත ලංකාවේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යන්හී සටහන් වුයේ මීට වර්ශ එක හමාරකට පෙරයි එය මෙරට මාධ්‍යන් හී සටහන් උවද අවධානය යොමුවුයේ අතලොස්සකගේ පමනකි මෙහි දැක්වෙන්නේ ශ්‍රිලංකාවේ හමිබන්තොට නගරයට පිවිසෙන අධිවෙගී මාර්ගය ඔස්සේගමන් කරන ඔබට බොහෝවිට රථවාහන වලටත් වඩා වල් අලීන් හමුවනු ඇත චිනය විසින් මුල්‍යනය කර ගොඩනගන ලද මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වල් අලීන් උපහාසාත්මක ලෙස සුදු අලීන් මතක් කර දෙයි මේ මාර්ගයේම තව ඉදිරියට ගමන් කරන විට ආසන 35000 කින් යුතු ක්‍රිඩාංගනයක් ඩොලර් බිලියන් 1.5ක් වටිනා නැවු තටාකාංගනයක් සහ ඩොලර් මිලියන 209ක් වියදම් කර නිපදවන ලද ලොව හිස්ම ගුවන්තොටුපල ලෙස විරුදාවලිය ලත් ගුවන් තොටුපලද හමුවේ මත්තල රජපක්ශ ගුවන් තොටුපල වසරක මගීන් මිලියනයක මෙහෙයුම් ලබාගැනීමේ අරමුනින් ගොඩනැගුවද අදවන විට එහි දිනකට මගීන් දුසිමකට එහා ප්‍රමාණයක් සම්ප්‍රාප්තවන්නේ නැත

පැහැරගෙන ගොස් මරා දැමුනු ජේමිස් බුල්ජර් - Murder Of Jamis Buldger

පසුගිය දශක කිහිපය තුල මේ ලංකාව තුල විටින් විට කිහිප වතාවක්ම  ළමයින් ඝාතනය කිරිම පිලිබද අවාසනාවන්ත ප්‍රවෘත්ති ගනනාවක් දශක කිහිපයක් තුල නිරන්තර අසන්නට ලැබුනා. මතුගම සමන් කුමාර, සදීප ලක්ශාන් , සේයා සදේවුමි ,ඉරනවිල රුසිත් නිර්මාල් සහ පසුගිය දිනෙක අසන්නට ලැබුන පුත්තලම සෙනුරි තිසාරාගේ ඝාතනය ලාංකීය සමාජය කොපමන ප්‍රමාණයකට කලින් කලට කම්පනයට ලක්කලේද යන්න ගැටලුවකි. ලංකාවේ පමනක් නොව ලෝකය පුරා දිනට දහස් ගනනක් ළමා ඝාතන සිදුවන බව නොරහසකි .කොපමන ළමා සංවිධාන හා නීති රීති තිබුනද කුමන හෝ අභාග්‍යක් මත තවමත් ලොවපුරා මෙවන් අපරාධ සිදුවෙමින් පවතී. එලඹෙන පෙබරවාරී 12 වනදා වන විට ලෝකයම කම්පනය කල එවන් ඝාතනයක් සිදුව වසර 29 ක් සම්පුුර්ණ වන දිනයකි. ඒ ජේමිස් බුල්ජර් ගේ ඝාතනයයි මේ ඝාතනය පසුපස ඇති සුවිශේෂී බව නිසාම එය ඉතා ඉක්මනින් ලෝකය පුරා ප්‍රසිද්ධ විය. ජේමිස් පැට්‍රික් බුල්ජර් උපත ලබන්නේ 1990 මාර්තු 16 වන දින එංගලන්තයේ Kirkby ප්‍රදේශයේය .ඉන් දෙවසරක ඇවෑමෙන් දිනෙක Denis Fergus සිය දෙහැවිරිදි දරුවා වු ජේමිස් බුල්ජර් සමග Bootle හී නිවු ස්ට්‍රෑන්ඩ් සුපිරි වෙලදසල වෙත පිය නගන්නේ සිය නිවසට අවශ්‍ය කලමනා කි...

නාශකවාදය හෙවත් Vandalism යනු කුමක්ද ?

නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් වැනි තරමක් බරසාර වචන නැතත්  නිකරුනේ විනාසකරනවා එහෙමත් නැත්නම් කාබාසිනියාකරනවා වැනි වචන ලාංකිය අපිට අමුතු වචන පමනක් නොව අමතු අත්දැකීම්ද නොවන බව සත්‍යක් .ලංකාවේ සියලු ස්ථරයන්ගේ පහල සිට ඉහලම මට්ටම දක්වාම මේ විනාශකිරීම කියන කාරනය සිද්ධවෙනවා. නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් (Vandalism) කියන තැනට යාමට පෙරාතුව අප විනාශකරනවා කියන අර්ථය තරමක් පැහැදිලිකරගත යුතුයි.  අපි මෙවන් සරල උදාහරණයකින් උදාහරණයකින් ප්‍රවේශයක් ගනිමු. සමහර අවස්ථාවල අපි නිවසේ එදිනෙදා එකතුවන ආහාර අපදුව්‍ය සහ කොලරොඩු වැනි ප්‍රයෝජ්‍යතාවකින් තොර වස්තුන් විනාශනට පත්කරන අවස්තා එමට ඇත. එවන් දෑ විනාශයට පත්කිරීම පිටුපස තවත් ප්‍රයෝජ්‍යතාවක් තිබේ. එනම් ඉන් නිවස ප්‍රියමනාප තැනක් බවට පත්වේ. එමෙන්ම නිවසතුල ඇති පරණ ක්‍රියාවිරහිත යන්ත්‍ර සුත්‍ර විදුලි උපකරන වැනි දෑ ද ඉන් අපට ප්‍රයෝජ්‍යතාවයක් නොමැතිනම් අකමැත්තෙන් හෝ නිවසේ ඉඩපහසු සකසා ගැනීමේ උවමනාව මත විනාශයට පත්කරන අවස්තා ඇත . බොහෝවිට අපි ඒවා කඩාබිද වලදමයි නැතිනම් පුලුස්සා දමා විනාශයට පත්කරයි. එවන් සෑම අවස්තාවක් පසුපසම ඇත්තේ තවත් ප්‍රයෝජනයක...
මට මේ ජායාරූප පෙල  මගේ සුපුරුදු Stumbleupone වෙබි අඩවියේ සැරිසරන ගමන් අහමිබෙන් හමිබවුන ඒවා ටිකක් .ඉවත දාන දෙයින් අපි ටිකක් නිර්මාණශීලි විදිහට හිතුවනමි කොයිතරමි ලස්සන නිර්මාණයක් කරන්න පුලුවන්ද කියන එක පැහැදිලි කරන්න හොදම උදාහරණයක් මේක. ප්ලාස්ටික් කියන්නේ අද වෙනකොට මේ නවීන ලෝකයට නැතිවම බැරි වගේම අනිත් පැත්තෙන් මුලු ලෝකයටම ගැටලුවක් වෙලා තියෙන නිශ්පාධනයක්. විද්වතුන්ගේ මතය අනුව නමි ප්ලාටික් භාවිතය අවම කර ගැනීමට තියෙන වඩාත් සාර්ථකම විදිහ තමයි ප්ලාස්ටික් ප්‍රතිචක්රීකරණය කිරීම. මේකෙන් විශේෂයෙන්ම ප්ලාස්ටික් භාන්ඩ උනුකරල නැවත ප්ලාස්ටික් නිශ්පාධයක් නැවත කරනවට වඩා තමන් සතුව දැනට තියෙන ප්ලාස්ටික් නිශ්පාධනය වෙනත් අරමුනක් සදහා නැවත භාවිත කිරීම වඩාත් පරිසර හිතකාමි අකාරය කියලයි කියන්නේ මොකද මේවා උනුකරන නැවත නිශ්පාධන කරනකොට පසට වෙන්න තිබිබ බලපෑම ඊලගට යන්නේ වායුගෝලයට. ලෝකයේ වැඩියෙන්ම ප්ලාස්ටික් නිශ්පාධන භාවිත වෙන්නේ අමරිකාව රැසියාව චිනය වගේ දියුනු රටවල මේ නිශ්පාන අතරින් වැඩිම ගනනක් වෙනත් නිශ්පාධන වල ඇසුරුමි ලෙස එන ඒවා. Eco Watch වෙබි අඩවියේ සදහන් වන ආකාරයට අපි භාවිතාකරන ප්ලාස්ටික් වලින් 50% ...