AMR යනු ප්‍රතිජීවක ප්‍රතිවිරෝධීතාව යන වදන සදහා යොදන කෙටි නාමය නොහොත් Antimicrobial Resistance යන්නයි. ප්‍රතිජීවකයක් යනු සරලව කිවහොත් රෝගකාරකයන්ට හේතුසාදක වන බැක්ටිරියා, වෛරස ,දිලිර වැනි පරපෝශිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඖශධ කාන්ඩයකි. මෙහිදී සිදුවන්නේ ස්වභාවික පරිනාමයක් ලෙස ප්‍රතිජීවක වලට ප්‍රතිවිරෝදිව ක්‍රියාකල හැකි ලෙස අදාල ක්ශුද්‍ර ජීවින් පරිනාමයවීමකි .සාමානය බසින් කිවහොත් බෙහෙත් අහන්නේ නැතිව යාමකි. මෙම ප්‍රතිජීවක ප්‍රතිවිරෝධිතාවය 1970 ගනන්වල සිට ඉහල අගයක් ගත් අතර දැන් වන විට එය සලකන්නේ ලෝක ප්‍රජාව විසින් ඉදිරියේදී මුහුන දීමට නියමිත විශාලතම සෞඛ්‍ය තර්ජනය ලෙසයි. එ අනුව ප්‍රතිජීවක ක්‍රියාකාරීත්වයකින් තොරවිම නිසා ආහාර විශවීම හා ලේ නරක්වීම වැනි දේ නියත මාරක තත්වයන් බවට පත්වනු ඇත. භයානක නොවන අසාදන තත්වයන් සුවවීම සදහා ඉතා විශාල කාලයක් ගතවන්නා සේම ඒ සදහා අධික වියදම්ද දැරීමට සිදුවනු ඇත . ඉදිරියේදී බැක්ටීරියා කාන්ඩ වඩවඩාත් මෙම ඖශධ ප්‍රතිරෝධි තත්වයන්ට පත්වුවහොත් ප්‍රතිජීවක මත විශ්වාසය තබමින් සිදුකරන කීමෝතෙරපි, අවයව බද්ධකිරිම්, සිසේරියන් ස...