Skip to main content

Antimicrobial Resistance (AMR) හෙවත් අනාගත ලෝකයේ සුපිරි අවධානම

AMR  යනු ප්‍රතිජීවක ප්‍රතිවිරෝධීතාව යන වදන සදහා යොදන කෙටි නාමය නොහොත් Antimicrobial Resistance යන්නයි. ප්‍රතිජීවකයක් යනු සරලව කිවහොත් රෝගකාරකයන්ට හේතුසාදක වන බැක්ටිරියා, වෛරස ,දිලිර වැනි පරපෝශිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඖශධ කාන්ඩයකි. 

මෙහිදී සිදුවන්නේ ස්වභාවික පරිනාමයක් ලෙස ප්‍රතිජීවක වලට ප්‍රතිවිරෝදිව ක්‍රියාකල හැකි ලෙස අදාල ක්ශුද්‍ර ජීවින් පරිනාමයවීමකි .සාමානය බසින් කිවහොත් බෙහෙත් අහන්නේ නැතිව යාමකි. මෙම ප්‍රතිජීවක ප්‍රතිවිරෝධිතාවය 1970 ගනන්වල සිට ඉහල අගයක් ගත් අතර දැන් වන විට එය සලකන්නේ ලෝක ප්‍රජාව විසින් ඉදිරියේදී මුහුන දීමට නියමිත විශාලතම සෞඛ්‍ය තර්ජනය ලෙසයි.එ අනුව ප්‍රතිජීවක ක්‍රියාකාරීත්වයකින් තොරවිම නිසා ආහාර විශවීම හා ලේ නරක්වීම වැනි දේ නියත මාරක තත්වයන් බවට පත්වනු ඇත.

භයානක නොවන අසාදන තත්වයන් සුවවීම සදහා ඉතා විශාල කාලයක් ගතවන්නා සේම ඒ සදහා අධික වියදම්ද දැරීමට සිදුවනු ඇත .ඉදිරියේදී බැක්ටීරියා කාන්ඩ වඩවඩාත් මෙම ඖශධ ප්‍රතිරෝධි තත්වයන්ට පත්වුවහොත් ප්‍රතිජීවක මත විශ්වාසය තබමින් සිදුකරන කීමෝතෙරපි, අවයව බද්ධකිරිම්, සිසේරියන් සැත්කම් වැනි වෛද්‍ය කටයුතු ඉදිරියේදී අවිනිශ්චිත වනු ඇත.

AMR ගැන Jim'O nail විසින් කරන ලද සමීක්ශනය අනුව ඉදිරියේදී ලෝකය පුරා ලක්ශ හතක් පමන ජනතාව මේ නිසා මරණයට පත්වන අතර නිසි ක්‍රියාමාර්ග නොගතහොත් 2050 වර්ශය වන විට මිලියන 10 ක ජනතාවක් මින් මිය යනු ඇති බව කියැවේ. කෙසේ වෙතත් මෙම සංඛ්‍යාන දත්ත පිලිබද විවිද මතබේදද පලවී තිබෙන්නේ මේ තත්වයට මුහුනදිම සදහා දැනට ගෝලිය නිරික්ශන පද්ධතියක් නොමැති බැවින්ය.AMR යනු සැබැවින්ම ස්වභාවික ජිවවිද්‍යාත්මක ප්‍රපංචයකිි. 

ඇතැමි වෛරස වැනි ක්ශුද්‍ර ජීවීන්ට ස්වභාවයෙන්ම ඒ ඖශධ වල ක්‍රියාකාරීත්වයට අනාවරනයවීමෙන් උවද තවදුරටත් පැවැතිය හැකිය .එමෙන්ම ඒ ඖශදය කෙරෙහි ප්‍රතිරෝධීවිමේ ස්වභාවය අනෙක්වාට සම්ප්‍රේශනය කිරීමේ හැකියාවද ඒවාට පවතී. කෙසේ නමුදු ලංකාවේ නිතර සිදුවන්නාක් මෙන් හිතුමතේට සහ අනවශ්‍ය ආකාරයට ප්‍රතිජීවක ගැනීමේ අතුරු ප්‍රතිඵලයක් වන්නේ මේ ක්‍රියාවලිය වඩා වේගවත් වීමයි. 

ප්‍රතිජීවක භාවිතා කරන විට සිදුවන්නේ වෛරස වලට එම ඖශධ ‍වලට අනුරෑපි ලෙස හැඩ ගැසෙන්නට පොලඹවන ජානය වෙනස්කිරීමකින් තොරව වෛරසය මරා දැමීමයි. මේ වෛරස ප්‍රතිගුනනය විමේදි ඉන් පසු සිදුවන්නේ පෙර ඖශද වලට ප්‍රතිරෝදී ලෙස ඊලග වෛරස පරම්පරාව බිහිකිරීමයි. ඇතැමි වෛරස හා බැක්ටිරියාවන්ට මෙම ඖශධ ප්‍රතිරෝධි ජානයන් තවකෙක් වෙත යැවිය හැකි අතරම තව විටක ප්‍රතිරෝධී ජාන පොකුරක් අනෙක්වා වෙත බෙදාහැරිය හැකිය.

පසුගිය කාලය තුලදි මෙම AMR තත්වය වේගයෙන් වර්ධනයවීම කෙරෙහි මිනිසුන් හා වානිජ සතුන් වෙත ප්‍රතිජීවක ලබාදීමේ අක්‍රමිකතාවන් හෙවත් අධීබාවිතය හා වැරදි භවිතය බෙහෙවින් බලපා ඇත. වානිජ සත්ත්ව පාලනයේදි ගොවිපල හිමියන් විසින් නිසි පිරිසිදුකිරීම් වලින් තොරව ගොවිපලවල් පවත්වාගෙන යාම නිසා එහි ප්‍රතිපලයක් ලෙස රෝගී වන සත්ත්වයනට අධික ලෙස ප්‍රතිජිවක ලබා දීම සිදුකරයි.

එහි අතුරු ප්‍රතිපලයක් ලෙස  විශාල ප්‍රමානයක වෛරස වර්ග තොගයකට ප්‍රතිජීවක සමග ගට්ඨනය වී නිෂේධනය වු වෛරස පරම්පරාවන් බිහිවිමට ඉඩ සලසයි .මෙහි අනිත් ධාරාව වන්නේ ඖශධ සමාගමි විසින් ප්‍රතිජීවක නිශ්පාදනයේ අප ද්‍රවය ජල මුලාශ්‍ර වලට යොමු කිරීම නිසා මහා පරිමානයෙන් Superbugs  හෙවත් ප්‍රතිජිවක නිශේදිත ක්ශුද්‍ර ජිවින් බිහිවි පැතිර යාමයි. කෙසේ නමුත් ඉදිරියේදි නියත වශනේම ලෝක ප්‍රජාවට මෙහි බලපෑමට මුහුනු දීමට සිදුවන ඇත.



Popular posts from this blog

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...

දෘශඨිවාදය යනු

දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි