Skip to main content

Posts

යුක්තිය සහ අයිතිය උදෙසා සටන් වැද මියගිය තරුණ ආරක්ශකයෝ-(young Guards)

සිරිනි මල් පිපුනේය. සුදු පැහැ මල් පොකුරු විවෘත කුවුලුව තුලින් මගේ කුටියට එබිකම් කරන්නට විය .1926 ජුනි 08 වැනිදා ඒ මිහිරි මතකය. චෙර්නිගොව්ශිනාවේ ප්‍රීලුකීහි දී මා සිතෙහි  සිත්තම් විය. ඒ සොදුරු දිනයේ මට පුතෙක් උපන්නේය                                                                                             -  යෙලේනා කොෂව්යා තම ලෙයින් බිහිවුන දරුවා උපන් හැටි මාතෘ සෙනෙහසින් කිරිබිවු හැටි, දන ගාපු හැටි, හැදුන වැඩුන හැටි, සහ අවසානයේ තමන්ටත් පෙර තම දරුවගේ මල සිරුර සමුහ මිනී වලකින් ගොඩගත් හැටි සියලු වේදනාකාරී මතකයන් පොතක ලියන්නට සිදුවීම කොයිතරම් ඛේදජනක සිදුවීමක්ද. එවන් මවුවරු දසදහස් ගනනක් තවමත් මේ ලංකාවේ පොලව මතද ජීවත්ව සිටින අතරම ඇතමෙක් සියලු වේදනාවන් එලෙසින්ම හැදවතේ කැටිකරගෙන පොලවට පස් වී ගොසින්ය. යෙලේනා කොෂෙවයා ලේඛිකාවක් නොව උදාර පුත්‍රයෙකු ලෝක...

සන්සකු ඔශින්ට කියාදුන් ජීවන දර්ශනය

සමස්ථ කතා මාලාව පුරාම ඔශින්ගේ දුක් ගැහැට පිරි ජීවිතයට මියෙන තෙක්ම ජීවයක් සේ පණ ලබා දුන්නේද රුසියන් ජපන් යුධ්ධයෙන් තුවාල වී පැමින සැගව සිටි සන්සකු නම් හමුදා සෙබලා ජීවිතය ගැනත් යුද්ධය ගැනත් ඔහු සමග ඇය කුඩාකල ගතකල ඒ කාලය තුල ඔහුවිසින් ඇයට කියා දුන් මෙම ජීවන දර්ශනයයි.එය තුල මුලු කතාමාලාවේම සාරය බව මගේ අදහසයි - කතෘ ඔෂින්, ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා ඒ අතරවාරේ දුක්සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන් නුරුස්සන අය හමුවේවි ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා දුක්දෙන්න එපා අනුන්ට ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි ඔයාම දුක්වෙයි අවසානයේදී. යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි. කරපු හැම දේ ආපසු එයි. මේ අහන්න ඔෂින් , කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන් ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න කරුණක් තියෙනව ඇති. මොනවහරි තිබුණොත්,එතකොට පරිස්සම් වෙන්න නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්. දොස් න...

My Country

ඔෂින් ඔයාට ජීවත්වෙන්න බොහෝ අවුරුදු තියනවා ඒ අතරවාරේ දුක්සහිත කාලවල් ඇතිවෙන්න පුළුවන් නුරුස්සන අය හමුවේවි ඒත්, ඔවුන්ට වෛර බඳින්න එපා දුක්දෙන්න එපා අනුන්ට ඔයා ක්‍රෝධ කලොත් යමෙකුට පසුතැවිලි වෙයි ඔයාම දුක්වෙයි අවසානයේදී. යමෙකුට රිද්දෙව්වොත් තමන්ටමයි රිදවෙන්නෙ දුක්වෙන්න වෙන්නෙ තමන්ටමයි. කරපු හැම දේ ආපසු එයි. මේ අහන්න ඔෂින් , කෙනෙකුට වෛර කරන්න රිදවන්න හිතුවොත් පොඩ්ඩක් හිතන්න ඒ අයගෙ පැත්තෙන් ඔයා වෛර බඳින්න ඉස්සෙල්ල මොකද ඔයාට දුක් දෙන්නෙ කියල ඔයාගෙ හිතෙන්ම අහන්න කරුණක් තියෙනව ඇති. මොනවහරි තිබුණොත්,එතකොට පරිස්සම් වෙන්න නැත්නම්, කරුණක් ඒ විඳියට වෙන්න එයා ඔබේ හිත රිද්දනවනම්. දොස් නඟන්න එපා අනුකම්පා කරන්න හේතුවක් නැතිව ඔබට වද දෙන අය,දුකින් පිරුණු අය. ඔවුන්ගේ හිත් වල කිසි සතුටක් නැහැ ,අන්න එහෙම හිතන්න.ඔවුන්ට සමාව දෙන්න. ඔයා දුන්නොත් යමෙකුට ආදරෙන් සමාව ,අනුන්ට ආදරේ කලොත් ආපිට ඔයාට ආදරේ ලැබෙයි එතකොට ඔයා සැනසීමේ ජීවත්වන කෙනෙක්වෙයි මම කියලදුන්නනෙ කියවීම ලිවීම ගණිතය කොච්චර හොඳට ඒවා දැනගත්තත් වැඩක් නෑ තමන්ගෙ පපුව හොඳ නැත්නම් කොච්චර ඉගෙනගත්තත්. කොච්චර උසස් වුනත් ඔයාට වැඩක් වෙන්නෙ නෑ ඔයා හොඳ කෙනෙක්...

පැනමා පේපර්ස් ( Panam Papers) ගැන අප දැන සිටිය යුතුය

Panama Pepers සිදුවීම දැන් තරමක් පරන එකක් උවත් තාමත් ඒ ගැන හරි හැටි දැනුමක් නොමැති ලාංකිකයන් විශාල ප්‍රමානයක් සිටී. මෙය 2016 වර්ශයේ ලෝකයේ සිදුවු ආන්දෝලනාත්මක සිදුවීමක් වුන අතර ප්‍රජාතන්ත්‍රවාදය හරිහැටි ක්‍රියාත්මක වන රටවල ඇතැම් චුදිතයන්ට සිරගත වීමට පවා සිදුවිය . පැනමා පේපර්ස් තියා තමන්ගේ රටේ මහබැංකු කොල්ලය ගැන වත් හරි හැටි නොදන්න ජනතාවක් සිටින රටකට පැනමා පේපර්ස් ගැන කීම තේරුමක් නැති වැඩක් ලෙස පෙනී යනු ඇත. නමුත් පසුගිය කාලයේ ලංකාවේ මතබේදයට තුඩු දුන් ඇවන්ගාඩ් සමාගමද තවත් ලාංකිකයන්ගේ  සහ සමාගම් ගනනාවක් මේ සිදුවිම සමග ගෑවි ඇති නිසා  මෙය අපට ඉතා වැදගත් සිදුවිමකි. මේ නම් ලැයිස්තුව 2016 මැයි මාසයේදි Colombo telegraph වෙබ් අඩවිය මගින් හෙලි කරන ලදී මේ පිලිබද පුර්න විස්තරයක් ජාත්‍යන්තර විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ සංවිධානය විසින් පවත්වාගෙන යන Offshore leaks Database  නම් වෙබ් අඩවියේ සටහන් කර ඇත 2016 වර්ශයේ මාර්තු මාසයේ දී,ලොව හතරවන විශාලතම අක්වෙරල නීතිඥ සමාගම වන Mossack Fonseca සමාගම සතු ලෝකයේ විිවිධ පුද්ගලයින්ට සහ සමාගමි වලට අයත් බදු ලිපිගොනු මිලියන 11.5 කට අදාල අති විශාල ...

මොසුල් නුවර සිිට ලියමි - A Letter From Mosul

ඇන්ජලිනා ජොලී මහත්මිය එක්සත් ජාතින්ගේ සරනාගතයින් පිලිබද සංවිධානයේ විශේෂ නියෝජිතවරියකි. මෙහි දැක්වෙන්නේ ISIS සංවිධානයට එරෙහිව ලෝකයේ බලවත් රටවල් විසින් කල යුද්ධයේදී වැඩිම හානියකට ලක්වු ඉරාකයේ ඉපැරනි මොසුල් නගරයේ වර්ථමාන ඛේදජනක තත්වය පිලිබද ඇය විසින් Huntingtonposts  වෙබ් අඩවියට ලියු ලිපියක සිංහල පරිවර්ථනයයි. යුද්ධයේදි හා ඉන් පසුව බලවත් රටවල් ක්‍රියාකල ආකාරය විවේචනය කරන ඇය  ඕනෑම යුද්ධයක අතරුඵලය වෙනසක් නැති එකම ප්‍රතිඵලයක් බවත් වඩා වැදගත් වන්නේ මිනිස් ජිවිත රැකගැනීම බව ප්‍රකාශ කරයි .පසු ගිය 30 වසරක ලංකාවේ සිවිල් යුද්ධයේ පැවතීම හා ඉන් පසු තත්වය මේ හා සමාන එකක් වන අතර ඇය මේ ලිපියෙන්  ඉදිරිපත් කරන කාරනය යුද්ධයෙන් පසු උතුරේ තිබු තත්වය ගැන නැවත සිතීමට උපකාරයකි.           - කතෘ (Nation's Blog) ඇන්ජලීනා ජොලී එක්සත් ජාතීන්ගේ සරණාගතයින් පිලිබද නියෝජිත 2018/06/19 දෙවන ලෝක යුද්ධයෙන් පසු නගරයක් කේන්ද්‍රකරගනිමින් සිදුවු විශාලතම යුද්ධය නම් ඉරාකයේ මොසුල් නුවර ISIS ග්‍රහනයෙන් මුදාගැනීම සදහා දියත් කල දැවැන්ත මෙහෙයුමයි. සිවිල් වැසියන් දහස් ගනනින් මිය...