Skip to main content

Posts

ISIS හෙවත් ස්ලාමීය රාජ්‍ය සංකල්පයේ වර්ධනය ( Video)

ISIS හී නැගීසිටිම පසුගිය සියවස තුල මානව වර්ගයා ලැබු පරාජයක් ලෙස සැලකිය හැකිය. මන්ද යත් ඉතිහාසය පුරා පැවති අනෙක් ත්‍රස්ත සංවිධානවලට සාපේක්ශව අසිසිසය විසින් සහ එය යටපත් කරනු පිනිස බටහිරින් එල්ල කරන ලද පීඩනය නිසා මුුලු මැදපෙර දිග කලාපයම එකම ගිනිජාලාවක් බවට පත්විය. සිංහල උපසිරැසි ගැන්වු මෙම කුඩා විඩියෝව මගින් අසිසයේ ආරම්භයයේ සිට එහි අවසානය දක්වා ඉතිහාසය මැනවින් විස්තර කෙරෙනු ඇත.

Antimicrobial Resistance (AMR) හෙවත් අනාගත ලෝකයේ සුපිරි අවධානම

AMR  යනු ප්‍රතිජීවක ප්‍රතිවිරෝධීතාව යන වදන සදහා යොදන කෙටි නාමය නොහොත් Antimicrobial Resistance යන්නයි.  ප්‍රතිජීවකයක් යනු සරලව කිවහොත් රෝගකාරකයන්ට හේතුසාදක වන බැක්ටිරියා, වෛරස ,දිලිර වැනි පරපෝශිතයන්ට එරෙහිව ක්‍රියාත්මක වන ඖශධ කාන්ඩයකි.  මෙහිදී සිදුවන්නේ ස්වභාවික පරිනාමයක් ලෙස ප්‍රතිජීවක වලට ප්‍රතිවිරෝදිව ක්‍රියාකල හැකි ලෙස අදාල ක්ශුද්‍ර ජීවින් පරිනාමයවීමකි .සාමානය බසින් කිවහොත් බෙහෙත්  අහන්නේ නැතිව යාමකි. මෙම ප්‍රතිජීවක ප්‍රතිවිරෝධිතාවය 1970 ගනන්වල සිට ඉහල අගයක් ගත් අතර දැන් වන විට එය සලකන්නේ ලෝක ප්‍රජාව විසින් ඉදිරියේදී මුහුන දීමට නියමිත විශාලතම සෞඛ්‍ය තර්ජනය ලෙසයි. එ අනුව ප්‍රතිජීවක ක්‍රියාකාරීත්වයකින් තොරවිම නිසා ආහාර විශවීම හා ලේ නරක්වීම වැනි දේ නියත මාරක තත්වයන් බවට පත්වනු ඇත. භයානක නොවන අසාදන තත්වයන් සුවවීම සදහා ඉතා විශාල කාලයක් ගතවන්නා සේම ඒ සදහා අධික වියදම්ද දැරීමට සිදුවනු ඇත . ඉදිරියේදී බැක්ටීරියා කාන්ඩ වඩවඩාත් මෙම ඖශධ ප්‍රතිරෝධි තත්වයන්ට පත්වුවහොත් ප්‍රතිජීවක මත විශ්වාසය තබමින් සිදුකරන කීමෝතෙරපි, අවයව බද්ධකිරිම්, සිසේරියන් ස...

"සොක්කන් ලොක්කන් වු වගයි" ග්‍රන්ථය නැවත මුද්‍රනයවේ

ලංකාවේ යටත් විජිත් ධනේශ්වරයේ නැගී සිටීම නොහොත් සොක්කන් ලොක්කන් වු වගයි කෘතිය මෑත කාලයේ ඉතිහාසය හා දේශපාලනය අධ්‍යායනය කරන තරුන පරම්පරාව අතර ඉමහත් ජනප්‍රියත්වයට පත්වු කෘතියකි. මහාචාර්‍ය කුමාරී ජයවර්දන මහත්මිය විසින් රචිත මෙම කෘතිය මුල් වරය ප්‍රකාශයට පත්වුයේ 1998 වර්ශයේදීය  .යටත් විජිත යුගයෙන් පන්නරය ලබා රට කරවන්නට එක් රැස් වු හා එකල ලංකාවේ සිටි රදල යැයි නම් ලැබූ සිංහලයන්  සොක්කා ගේ  සිට ලොක්කා දක්වා පරිනාමය වුයේ කෙසේද යන්න මෙම පොත මැනවින් විග්‍රහ කරයි. ලංකාවේ ඇති ඉතා දුර්ලභ පොත් කිහිපය අතරට පත්වු මෙම කෘතිය බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පරිදි නැවත මුද්‍රනයට කටයුතු සලසා දී තිබේ .
අසාර්ථක ව්‍යාපෘතින් වලට මුදල් ආධාර ලබාදෙමින්  රාජ්‍යන් ගෝලීය වශයෙන් දන ගැස්සවීමේ චීන බලපෑම පිලිබද පුවත ලංකාවේ පුවත්පත්වල සහ විද්‍යුත් මාධ්‍යන්හී සටහන් වුයේ මීට වර්ශ එක හමාරකට පෙරයි එය මෙරට මාධ්‍යන් හී සටහන් උවද අවධානය යොමුවුයේ අතලොස්සකගේ පමනකි මෙහි දැක්වෙන්නේ ශ්‍රිලංකාවේ හමිබන්තොට නගරයට පිවිසෙන අධිවෙගී මාර්ගය ඔස්සේගමන් කරන ඔබට බොහෝවිට රථවාහන වලටත් වඩා වල් අලීන් හමුවනු ඇත චිනය විසින් මුල්‍යනය කර ගොඩනගන ලද මෙම මාර්ගය ඔස්සේ ගමන් ගන්නා වල් අලීන් උපහාසාත්මක ලෙස සුදු අලීන් මතක් කර දෙයි මේ මාර්ගයේම තව ඉදිරියට ගමන් කරන විට ආසන 35000 කින් යුතු ක්‍රිඩාංගනයක් ඩොලර් බිලියන් 1.5ක් වටිනා නැවු තටාකාංගනයක් සහ ඩොලර් මිලියන 209ක් වියදම් කර නිපදවන ලද ලොව හිස්ම ගුවන්තොටුපල ලෙස විරුදාවලිය ලත් ගුවන් තොටුපලද හමුවේ මත්තල රජපක්ශ ගුවන් තොටුපල වසරක මගීන් මිලියනයක මෙහෙයුම් ලබාගැනීමේ අරමුනින් ගොඩනැගුවද අදවන විට එහි දිනකට මගීන් දුසිමකට එහා ප්‍රමාණයක් සම්ප්‍රාප්තවන්නේ නැත

පැහැරගෙන ගොස් මරා දැමුනු ජේමිස් බුල්ජර් - Murder Of Jamis Buldger

පසුගිය දශක කිහිපය තුල මේ ලංකාව තුල විටින් විට කිහිප වතාවක්ම  ළමයින් ඝාතනය කිරිම පිලිබද අවාසනාවන්ත ප්‍රවෘත්ති ගනනාවක් දශක කිහිපයක් තුල නිරන්තර අසන්නට ලැබුනා. මතුගම සමන් කුමාර, සදීප ලක්ශාන් , සේයා සදේවුමි ,ඉරනවිල රුසිත් නිර්මාල් සහ පසුගිය දිනෙක අසන්නට ලැබුන පුත්තලම සෙනුරි තිසාරාගේ ඝාතනය ලාංකීය සමාජය කොපමන ප්‍රමාණයකට කලින් කලට කම්පනයට ලක්කලේද යන්න ගැටලුවකි. ලංකාවේ පමනක් නොව ලෝකය පුරා දිනට දහස් ගනනක් ළමා ඝාතන සිදුවන බව නොරහසකි .කොපමන ළමා සංවිධාන හා නීති රීති තිබුනද කුමන හෝ අභාග්‍යක් මත තවමත් ලොවපුරා මෙවන් අපරාධ සිදුවෙමින් පවතී. එලඹෙන පෙබරවාරී 12 වනදා වන විට ලෝකයම කම්පනය කල එවන් ඝාතනයක් සිදුව වසර 29 ක් සම්පුුර්ණ වන දිනයකි. ඒ ජේමිස් බුල්ජර් ගේ ඝාතනයයි මේ ඝාතනය පසුපස ඇති සුවිශේෂී බව නිසාම එය ඉතා ඉක්මනින් ලෝකය පුරා ප්‍රසිද්ධ විය. ජේමිස් පැට්‍රික් බුල්ජර් උපත ලබන්නේ 1990 මාර්තු 16 වන දින එංගලන්තයේ Kirkby ප්‍රදේශයේය .ඉන් දෙවසරක ඇවෑමෙන් දිනෙක Denis Fergus සිය දෙහැවිරිදි දරුවා වු ජේමිස් බුල්ජර් සමග Bootle හී නිවු ස්ට්‍රෑන්ඩ් සුපිරි වෙලදසල වෙත පිය නගන්නේ සිය නිවසට අවශ්‍ය කලමනා කි...

නාශකවාදය හෙවත් Vandalism යනු කුමක්ද ?

නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් වැනි තරමක් බරසාර වචන නැතත්  නිකරුනේ විනාසකරනවා එහෙමත් නැත්නම් කාබාසිනියාකරනවා වැනි වචන ලාංකිය අපිට අමුතු වචන පමනක් නොව අමතු අත්දැකීම්ද නොවන බව සත්‍යක් .ලංකාවේ සියලු ස්ථරයන්ගේ පහල සිට ඉහලම මට්ටම දක්වාම මේ විනාශකිරීම කියන කාරනය සිද්ධවෙනවා. නාශකවාදය නැතිනම් වැන්ඩලිසම් (Vandalism) කියන තැනට යාමට පෙරාතුව අප විනාශකරනවා කියන අර්ථය තරමක් පැහැදිලිකරගත යුතුයි.  අපි මෙවන් සරල උදාහරණයකින් උදාහරණයකින් ප්‍රවේශයක් ගනිමු. සමහර අවස්ථාවල අපි නිවසේ එදිනෙදා එකතුවන ආහාර අපදුව්‍ය සහ කොලරොඩු වැනි ප්‍රයෝජ්‍යතාවකින් තොර වස්තුන් විනාශනට පත්කරන අවස්තා එමට ඇත. එවන් දෑ විනාශයට පත්කිරීම පිටුපස තවත් ප්‍රයෝජ්‍යතාවක් තිබේ. එනම් ඉන් නිවස ප්‍රියමනාප තැනක් බවට පත්වේ. එමෙන්ම නිවසතුල ඇති පරණ ක්‍රියාවිරහිත යන්ත්‍ර සුත්‍ර විදුලි උපකරන වැනි දෑ ද ඉන් අපට ප්‍රයෝජ්‍යතාවයක් නොමැතිනම් අකමැත්තෙන් හෝ නිවසේ ඉඩපහසු සකසා ගැනීමේ උවමනාව මත විනාශයට පත්කරන අවස්තා ඇත . බොහෝවිට අපි ඒවා කඩාබිද වලදමයි නැතිනම් පුලුස්සා දමා විනාශයට පත්කරයි. එවන් සෑම අවස්තාවක් පසුපසම ඇත්තේ තවත් ප්‍රයෝජනයක...