Skip to main content

Posts

දෘශඨිවාදය යනු

දේශපාලනය තේරුමි ගැනීම සදහා පුරවැසියන් විසින් අවබෝධකරගෙන තිබිය යුතු ඉතා වැදගත් සංකල්පයකි 

ප්‍රේමය ගැන

ප්‍රේමය බොහෝ ඉවසිලිවන්තය කරුනාවන්තය  ප්‍රේමය ඊර්ෂ්‍යාවෙන්නේ නැත  ප්‍රේමය පාරට්ටුකරගන්නේ නැත  අහංකාරවන්නේද  නැත  අශෝභනලෙස හැසිරෙන්නේ නැත තමාගේම කාරණා සොයන්නේ නැත කෝපවෙන්නේ නැත නපුර ගණන්ගන්නේ නැත අධර්මිෂ්ඨකමට ප්‍රීති නොවී සැබෑව සමඟ ප්‍රීතිවන්නේය ප්‍රේමය  සියල්ල දරාගන්නේය  සියල්ල විශ්වාසකරන්නේය  සියල්ල බලාපොරොත්තුවන්නේය  සියල්ල ඉවසන්නේය  - කොරින්ති

නිවසක කදුලු - ( Charls Bukowski )

ඒ ලැබැදි  නිවස අසල්වැසි පත්කරයි මා වේදනාවට ඒ අසල්වැසි මිතුරන් උදෑසනම පිටත්වී නමුදු රෑ බෝවි ආයේ පැමිනේ තෙපැයකට මත්තෙන් දොලහ කනිසමට රාත්‍රී විදුලි පහන් නිවේ ඒ දැල්වු පසුදා නැවත පිටත් වී රෑබෝවි පැමිනේ වෙනදා මෙන්ම විදුලි පහන් නිවේ  එ නිවස මට දුකකි මිනිසුන් උවත් ඔවුන් හොද නොහැකි මට අත දෙන්නට ගිලෙන ඔවුනට මේ චක්‍රයේ නොවුනත් ඔවුන් අන්ත දුප්පතුන් අධිකය දිවිකතර ගෙවීමට වියදම් එ නිවස දෙස මා බලන විට ඇතැමි නිවසද මා දෙසම බලයි සත්තකින්ම කදුලු පිරි නෙතින් එ නිවස මා දෙස බලා සිටී Charls Bukowski ගේ Safe නම් කවි පෙලේ අනුවාදනයකි https://blaue3.tumblr.com/post/190639399015/collage-2004-drucke-meiner-collagen-gibt-es

දේශපාලනික පොතක් කියවමු - 01 ( ජාතියේ ඛේදවාචකය - වික්ටර් අයිවන්)

ශ්‍රී ලංකාව පසුගිය වර්ශ දෙදහස් පන්සීයකට ආසන්න කාලය තුල විවිධ බාහිර ජාතීන්ගේ ආක්‍රමනට වලට ලක්වු රටකි .විශේෂයෙන්ම දකුණූ ඉන්දීය ආක්‍රමන වලින් පසු වර්ශ 1515 දී පෘතුගීසීන්ගේ ආක්‍රමන වලින් ආරම්භවු බටහිර ජාතීන්ගේ පැමිනීම අපේ රටට වැඩිම බලපෑමක් කල සංසිද්ධීන් අතර වේ. 1818 දී බ්‍රිතාන්‍ය ජාතිකයන්ට යටත් වු අප බොහෝ දුශ්කරතා ඔස්සේ අහිමි කරගත් දෑ සහ ලබාගත් දෑ බොහෝය. රාජාන්ඩු ක්‍රමය අහෝසි වී ප්‍රජාතාන්ත්‍රික ක්‍රමයක් හිමිවීම එක් අතකින් අප ලබාගත් ජයග්‍රහනයකි.  නමුත් 1948 පෙබරවාරි 04 දින අප ලබාගන්නා ලද ඩොමීනියන් නිදහසේ සිට මේ දක්වා කාලය තුල මේ රට ක්‍රම ක්‍රමයෙන් අගාධයට ගොස් මේ වනවිට ඉතා දූශීත දුප්පත් මෙන්ම දුශ්ඨ රාජ්‍යක් බවට පත්වීමේ ගැටලුවේ ආරම්භය සැබැවින්ම මෑත ඉතිහාසය තුල ආරම්භ වුවක් නොව එය වසර 71 ක් ආසන්න ඉක්මවා ගියපු කාලයක් පුරා වු සිදුවීම් වල ප්‍රතිඵල බව ලංකාවේ දේශපාලනික ඉතිහාසය ගවේශණය කරන්නෙකුට පැහැදිලිවම අවබෝධවනු ඇත. අපේ පෞද්ගලික විශ්වාසය නම් අප වැටී සිටින දේශපාලනික අඝාදයෙන් ගොඩ පැමිීණිමට නම් පලමුවෙන්ම ලාංකිකයන් මිත්‍යාව සහ ප්‍රතිශේපකර සත්‍ය දෙසට වඩාත් ලංවිය යුතුය .එම නිසා මොහොතකට අ...

කොංගෝ මානුශික අර්බුධයෙන් මිනිස් ඝාතන 1900 ක් හා පැහැරගැනිම් 3300 ක්

ප්‍රජාතාන්ත්‍රික කොංගෝ ජනරජයේ නැගෙනහිර කිවු පලාතේ සැරිසරන සන්නද්ධ කන්ඩායම්විසින් එම පසුගිය 2017 හා 2019 වර්ශයේ ජුනි කාලපරිච්චේදය තුල සිවිල් වැසියන් 1900 ඝාතනය කර තවත් පුද්ගලයින් 3300 කට අධික ප්‍රමානයක් අතුරුදන්කර ඇති බව Human rights watch සහ Newyork univercity based congo research group  යන ආයතන දෙක විසින් ඒකාබද්ධවපවත්වගෙන යනු ලබන Kivu security trackers ව්‍යාපාතිය මගින් හෙලිදරවු කර තිබේ. අප්‍රිකාව තුල අමතකකර දමන ලද කොංගෝව හෙවත් අප්‍රිකාවේ දිර්ඝතම මානුශික අර්බුධය යන මැයෙන් පසුගිය 14 වැනිදා ඉදිරිපත් කරන ලද පිටු 17 ක වාර්තාව තුල මේ දත්ත ඇතුලත් වේ .පසුගිය වසර දෙක තුල උතුරු සහ දකුනු කිවු ප්‍රදේශවල ඇතිවු ගැටුමි වල ස්වභාවය ප්‍රචන්ඩත්වයේ මට්ටම හා සාමය බලපැවැත්විමට ඇති බාදක ගැනද මෙහි සදහන් වේ.  Human rights watch හී මධ්‍යම අප්‍රිකානු ප්‍රදේශය භාර අධ්‍යක්ශ Lewis Mudge මහතා සදහන් කරනආකාරයට 130 කට අධික සන්නද්ධ කන්ඩායම් ප්‍රමානයක් මේ වනවිට කිවු ප්‍රදේශය ලෝකයේ ප්‍රචන්ඩතම ස්ථානයක් බවට පත්කර ඇති බව ඒ මහතා ප්‍රකාශකලේය.  කොංගෝවේ ආරක්ශ අංශ විසින් බලය යොදා තත්වය පාලනය කරනු වෙනුවට මේ...

මිනිස් ලිංගිකත්වයේ රහස් විකිනීම

භාන්ඩ සහ සහ සේවා නිශ්පාදනය කරමින් මිනිස් අවශ්‍යතා තෘප්තිමත් කර මිනිසාව මෙහෙ‍ෙවීමේ ක්‍රමයද අභිවබායමින් අද වන විට අභ්‍යන්තරික සංකීර්ණ මිනිස් ආශාවන් සියුමිව අධ්‍යයනය කිරීමෙන් එයට ගැලපෙන ලෙස එය සංතෘප්ත කරනු පිනිස භාන්ඩ නිශ්පාදනය කිරීමේ ක්‍රමවේදයකට වර්ථමාන ධනවාදී සමාජ ක්‍රමය පෙල ගැසීතිබේ.  මේ කාරණයේදි මේ නිර්මානකරුවන් ඉතා දක්ශලෙස පුලුල් පරාසයක් පුරා පැතුරුන සංකීර්නම මිනිස් ආශාව පදනම් කරගත් නිශ්පාදන රැල්ලකට අත ගසා තිබේ. එය ඉතා කපටි මෙන්ම ඕනෑම පරාසයක් දක්වා ඉතා පහසුවෙන් පෙලඹවිය හැකි සාධකයක්වීම මේ නව නිශ්පාදන රැල්ලට පහසුවක් වී තිබේ ඒ ලිංගිකත්වයයි.. අප දන්නා ලෙස ලෝක වෙලදපල සිදුවන භාන්ඩ හා සේවා ගනුදෙනු වටිනාකම් වලින් සැලකිය යුතු කොටසක් E-Bay, Ali express හා Amazone වැනි දැවැන්ත පෙලේ සමාගම් අත්කරගෙන සිටී. ඒත් අප අමතක කල කොටස වන්නේ සදාචාරය හා මානවවාදය වැනි පුරසාරම් දොඩවන ඇමරිකානු එක්සත් ජනපදය  ප්‍රමුඛ බටහිර කදවුර පුද්ගලිකත්වය හා ආත්මගෞරවය තඹයකට මායිම් නොකරන Pornhub ,Hxamister වැනි ප්‍රමුඛපෙලේ වැඩිහිටි වෙබ්අඩවි වලින් ඩොලර් මිලියන ගනන් මාසිකව බදු ආදයම් ලබා ගැනීමයි. ඔබ නිකමට Google Tren...